General27 June 2026

වෙනිසියුලාවේ තවත් භූ කම්පනයක්

වෙනිසියුලාවේ සිදු වූ ප්‍රබල භූමිකම්පා ද්විත්වයෙන් දින දෙකකට පසු, රික්ටර් මාපකයේ 4.9 ක විශාලත්වයකින් යුත් තවත් භූමිකම්පාවක් වාර්තා වී තිබෙනවා.

කැරකස් සහ මරකායි නගරවලට මෙය ප්‍රබල ලෙස බලපා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පසුගිය 24 වැනිදා වෙනිසියුලාවට රිච්ටර් මාපාංක 7.2 සහ 7.5 ක විශාලත්වයෙන් යුත් භූමිකම්පා ද්විත්වයක් සිදුවුණා.

ඒ හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 920ක් මියගොස් 3,360ක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes