International28 June 2026

අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ගුවන් ප්‍රහාර

අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඉරානය වෙත දැඩි මිලිටරි සහ දේශපාලනික අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

එම ප්‍රකාශයට අනුව, දෙරට අතර පවතින සටන් විරාම ගිවිසුම (Cease Fire Agreement) ඉරානය විසින් නැවත වතාවක් උල්ලංඝනය කර ඇති බවත්, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අමෙරිකානු ගුවන් යානා විසින් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන යානා ගබඩා කර ඇති ස්ථාන මෙන්ම එරට වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන වෙත ද ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි සඳහන්.

ඉරානයේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ට්‍රම්ප්සඳහන් කර ඇත්තේ, ඔවුන් කිසිදා ඉගෙන නොගන්නා බව පෙනෙන්නට තිබෙන බවයි.

"ඉදිරියේදී අපට තවදුරටත් සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි වන තත්වයක් උදාවිය හැකියි. එසේ වුවහොත්, අප කලින් ඉතා සාර්ථකව ආරම්භ කළ හමුදාමය ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපට සිදුවනු ඇත. යම් හෙයකින් එය සිදුවුවහොත්, ඉරාන ඉස්ලාමීය ජනරජය (The Islamic Republic of Iran) මේ ලෝකයෙන් සදහටම අතුගෑවී යනු ඇත!"
Related recommendation
Hiru TV News | Programmes