International28 June 2026

“එය ඊශ්‍රායලයට යටත්වීමක්” - ලෙබනන්-ඊශ්‍රායල ආරක්ෂක ගිවිසුම ලෙබනන් ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි

අමෙරිකාවේ මැදිහත් වීමෙන් ලෙබනනය සහ ඊශ්‍රායලය අතර අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම (Security Agreement) හිස්බුල්ලා සංවිධානයේ නායක නයිම් කාසම් (Naim Qassem) විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ ද්විපාර්ශ්වික ගිවිසුමට අත්සන් තබා පැය 24ක් ගතවීමටත් මත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ, මෙම එකඟතාව ලෙබනනය විසින් ඊශ්‍රායලය හමුවේ සිදුකළ "යටත්වීමක්" (Surrender) වන බවයි.

ඒ අනුව, කලාපීය ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට මෙමගින් බලපෑම් එල්ල වන බව පවසමින් හිස්බුල්ලා සංවිධානය මෙම එකඟතාවට සිය දැඩි විරෝධය පළ කර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes