International28 June 2026

සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉල්ලා අස්වීමට සැරසෙයි

සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් (Aleksandar Vucic) ඉදිරි සති කිහිපය ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

රජයේ දූෂණ හා අක්‍රමිකතාවලට එරෙහිව එරට තුළ මාස 18ක් පුරා අඛණ්ඩව පැවැත්වෙන දැවැන්ත රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ මාලාව හමුවේ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අගනුවර වන බෙල්ග්‍රේඩ් (Belgrade) හි පැවැති සිය ආධාරකරුවන්ගේ රැළියක් අමතමින් ජනාධිපති වුසික් සඳහන් කර ඇත්තේ, තමන් තවදුරටත් සති කිහිපයක් පමණක් ජනාධිපති ධූරයේ රැඳී සිටින බවයි.

ඇලෙක්සැන්ඩර් වුසික් පාලකයෙකු ලෙස සර්බියාවේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ලෙස වසර 12ක අඛණ්ඩ කාලයක් බලයේ රැඳී සිටියා.
Related recommendation
Hiru TV News | Programmes