General29 June 2026

වන්දනාවේ පැමිණි වාහන 03ක් තිරප්පනේ දී අනතුරක

පොසොන් වන්දනාවේ පැමිණි ත්‍රීරෝද රථයක්, මෝටර් රථයක් හා වෑන් රථයක ගැටීමෙන් තිරප්පනේ අලුත්පුංචිකුලම පාලම් පහ ස්ථානයේ දී අනතුරකට ලක් වූ බව තිරප්පනේ පොලිසිය පවසනවා.

කැකිරාව දෙස සිට අනුරාධපුර බලා ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඊට පිටුපසින් පැමිණි මරුටි වර්ගයේ මෝටර් රථයක ගැටීමෙන් මාර්ගය මැදට හැරුණූ ත්‍රීරෝද රථය ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ ඉදිරිපසට බරපතළ හානි සිදු වී ඇති අතර ත්‍රීරෝද රථයේ රියැදුරු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කොට ඇති අතර ඔහු 11 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසනවා. රියැදුරු ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම අනතුරින් වෑන් රථයට හා මෝටර් රථයට ද හානි සිදු වී ඇත. අනතුර සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes