ජාතික ලොතරැයි මණ්ඩලය වෙත අනුමත ක්‍රමවේදයෙන් පරිබාහිරව සහ එහි අනුමත ධූරාවලියේ නොමැති තනතුරුවලට නිලධාරීන් තිදෙනෙකු කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන, එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායකගේ කාර්ය මණ්ඩලයේ සේවයට යොමු කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළැයි කියන සිද්ධියකට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අල්ලස් කොමිසම විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම බඳවා ගැනීම් යටතේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුමත ධූරාවලියේ නොමැති තනතුරක් සඳහා පුද්ගලයන් දෙදෙනෙකු සහ අනුමත ධූරාවලියේ ඇති තනතුරක් සඳහා පුරප්පාඩු නොමැතිව එක් අයෙකු වශයෙන් සම්බන්ධීකරණ නිලධාරීන් දෙදෙනෙකු සහ කළමනාකරණ සහකාර නිලධාරියෙකු මෙලෙස කොන්ත්‍රාත් පදනම මත බඳවාගෙන ඇතැයි වාර්තා වෙනවා.
මෙලෙස පත්කළ නිලධාරීන් තිදෙනා එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ කාර්ය මණ්ඩල සේවයට යොමු කර ඇති අතර, ඔවුන් මඟින් ජාතික ලොතරැයි මණ්ඩලය වෙත කිසිදු සේවයක් ලබාගෙන නොමැති බවයි අනාවරණය වන්නේ.
එසේ තිබියදීත්, ජාතික ලොතරැයි මණ්ඩලයට කිසිදු සේවාවක් ඉටු නොකළ එකී තැනැත්තන් වෙත මණ්ඩලයේ ප්‍රතිපාදනවලින් වැටුප් හා දීමනා ගෙවීමට සැලැස්වීම තුළින් මෙම දූෂණය නමැති වරද සිදුකර ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.
ඒ අනුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විශේෂ විමර්ශන අංශය මගින් ජයන්ති මාවත, විජිතපුර, පැලවත්ත යන ලිපිනයේදී එවකට ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා යන අය අද (30) අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.
සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Latest News
නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත් කෙරේ
Local
30 June 2026
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරාට ඇප
Local
30 June 2026
උද්ධමනය මැයි 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා ඉහළට
Local
30 June 2026
පළාත් රැසකට තද සුළං
Local
30 June 2026
මිස්ට කොත්තුට ඇප
Local
30 June 2026
බක්මිටියාව රක්ෂිතයේ ගසක බෙනයක ස්නයිපර් ගිනි අවියක්
Local
30 June 2026
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට
Local
30 June 2026
අධිබලැති යතුරුපැදි පහක් අතුරුගිරියෙන් අල්ලයි
Local
30 June 2026
මිස්ට කොත්තු අත්අඩංගුවට
Local
30 June 2026
දඩ මුදලකින් තොරව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට සහන කාලයක්
Local
30 June 2026