පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපදය (Password) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (01) සැකකාර සුරේෂ් සලේට නියෝග කළා.
පෙර නඩු දිනයේදී පැමිණිලිකාර පාර්ශවය ඇතුළු විවිධ පාර්ශව විසින් කරන ලද ඉල්ලීම්වලට අදාළව පිටු 23කින් යුත් නියෝගය අධිකරණයට ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබා දුන්නා.
ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාව මෙම විමර්ශනයෙන් ඉවත් කරන ලෙස ඉදිරිපත්ව තිබූ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
මීට අමතරව, තෙවන සැකකරු වන සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ නිවැසියන් විසින් ලබා දීමට ඉල්ලා සිටි පුවත්පත් සහ ලිඛිත ද්‍රව්‍ය ලබා දීම ද අධිකරණය ප්‍රතික්ෂේප කළා.
එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය ප්‍රකාරව, අපරාධ උච්චාරණයක් නොවන ප්‍රකාශයක් කිරීමට කරන ලද ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළ අතර, එවැනි ප්‍රකාශයක් කිරීම විමර්ශනවලට බාධාවක් විය හැකි බව ද දන්වා සිටියා.
මෙම සිද්ධියට අදාල පළමු සහ දෙවැනි සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් සාක්ෂි නොමැති බව පවසමින් කරන ලද ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර, තෙවැනි සැකකරුගේ නීතිඥවරයා සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට කරන ලද ඉල්ලීමට අදාළ නියෝගය ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.
එමෙන්ම, මෙම සිද්ධියේ තුන්වන සැකකරු වන සුරේෂ් සලේව ඉදිරි නඩු කටයුතු පවතින දිනවලදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ (Video Technology) අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේ.
මෙම නඩුකරය ලබන සැප්තැම්බර් මස 02 වන දින නැවත කැඳවීමට නියමිතයි.
Latest News
නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාපති විශ්‍රාම ලබයි
Local
01 July 2026
ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි
Local
01 July 2026
මෙම මාසයේ සිට හදිසි නීතිය දීර්ඝ නොකෙරේ: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
ජූලි 06 සිට අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළට
Local
01 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19.58කින් පහළට
Local
01 July 2026
සුරේෂ් සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද සීඅයිඩීයට දෙන්න: අධිකරණයෙන් නියෝග
Local
01 July 2026
බස් ගාස්තු ඉහළට: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
''තවමත් රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පවතින්නේ අවදානම් මට්ටමක'' - ජාතික ඩෙංගු මර්දන ඒකකය
Local
01 July 2026