General01 July 2026

"හාල් ණය ගෙව්වේ නැත්නම් බත් මුට්ටි තමයි උස්සන් යන්න වෙන්නේ" - නාමල් රාජපක්ෂ

රජයේ සේවකයින්ට ණයට ලබාදීමට යන සහල් ලබාගෙන ණය මුදල නොගෙවා සිටියහොත් බත් මුට්ටි උස්සන් යාමට රජයට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ජන හමුවක් අමතමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළා,

"අපි බලාපොරොත්තු වුණේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇවිත් ජීවන වියදම ගැන කතා කරයි කියලා. ආර්ථික අර්බුදයට මුහුණදෙන වැඩපිළිවෙළ ගැන කතා කරයි කියලා.

හැබැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ඇවිත් කළේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ වැඩේ. දැන් ඒ මනුස්සයා කල්පනා කරනවා ඇති දැන් එයා ප්‍රෙස් එකේ වාඩිවෙලා මොනාද කියන්නේ කියලා.

දෙන්න පුළුවන් උපරිම සහනය තමයි හාල් කිලෝ 20ක් රජයේ සේවකයින්ට ණයට දෙන එක. දැන් නිකන් හරි ණය ගෙව්වේ නැත්නම්.. බත් මුට්ටිය තමයි උස්සන් යන්න වෙන්නේ. හැබැයි ඉතින් මේ අයට ගෙට පැනලා බත් මුට්ටි උස්සලා පුරුදුයි."
Related recommendation
Hiru TV News | Programmes