ස්ථානාධිපති නිල නිවස තුළදී පොලිස් කොස්තාපල්වරයෙකුට ලිංගික අතවර කිරීම සහ අස්වාභාවික ලිංගික ක්‍රියාවක් සිදුකිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අනුව මතුගම අධිකරණය වෙත ඉදිරිපත් වූ බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපතිවරයා මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත නියෝග කර තිබෙනවා.
සිද්ධියට මුහුණ පෑ කොස්තාපල්වරයා පසුගිය මාර්තු 26 වැනිදා දිවා රාජකාරියෙන් පසු රාත්‍රී විවේකීව බට නිවාසයේ රැඳී සිටින අවස්ථාවේදී
සැකකාර ස්ථානාධිපතිවරයා ස්ථානාධිපති නිල නිවාසය තුළ සිට අලුයම 01.03ට පමණ එම පොලිස් ස්ථානයේ සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකුට දුරකථන ඇමතුමක් ලබාදී නිල නිවසට එන ලෙස දැනුම් දී ඇති බවයි අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ.
යම් හදිසි අවශ්‍යතාවයකට මෙසේ පැමිණෙන ලෙස පැමිණිලිකරු හට හැඟී ගිය හෙයින් ඔවුන් නිල නිවස වෙත ගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා සාලයේ සෝපාවේ වාඩි වී සිට ඇති අතර, ටීපෝවේ මත්පැන් බෝතලයක් තිබී ඇති බවත්, ස්ථානාධිපතිවරයාගේ දැනුම්දීම මත මත්පැන් ස්වල්පයක් කොස්තාපල්වරයාද ලබාගෙන ඇති බවත් සඳහන්.
එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා කොස්තාපල්වරයාට සෝපාවේ වාඩිවෙන ලෙස දැනුම් දී ඇති අතර, කොස්තාපල්වරයාගේ අතින් අල්ලා මිරිකා පපු ප්‍රදේශය සිප වැළඳගෙන අනතුරුව ලිංගික ප්‍රදේශය ස්පර්ශ කිරීමට සූදානම්ව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
ඉන්පසුව නිලධාරියා මෙම ක්‍රියාවට බියවී එම ස්ථානයෙන් මිදී නැවත බට නිවාසය වෙත පැමිණ ඇති බවට ද අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරියා විසින් ළඟම ඥාතීන් සහ උසස් නිලධාරීන් දැනුවත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කාන්තා සහකාර පොලිස් අධිකාරීවරිය වෙත ද පවසා ඇති බව සඳහන්.
ඉන්පසුව තමන් මෙම සිද්ධියෙන් දැඩි කලකිරීමට පත්වූ බවත්, පසුව නිවසට ගිය බවත්, පැමිණිල්ලේ සඳහන් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමගම විධිමත් විමර්ශනයක් කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝග සහ උපදෙස් මත ආරම්භ කර සාක්කි සටහන් කර අපරාධ ස්ථානයද නිරීක්ෂණය කිරීමට කටයුතු කළ බව අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා.
වින්දිත නිලධාරියාව ඉකුත් මස 10 වැනිදා කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මානසික වෛද්‍ය සායනයට හා සමාජ රෝග වෛද්‍ය සායනයට යොමු කර ඇති අතර, සියලු කරුණු සැලකිල්ලට ගෙන වින්දිතයා විසින් කරනු ලබන ප්‍රකාශය බැහැර කළ නොහැකි බවට සහ වෙනත් නිරීක්ෂණ නොමැති බවට එම වෛද්‍ය වාර්තාවේ සඳහන් කර තිබූ බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණා.
වින්දිත නිලධාරියාගේ දුරකථන අංකය, ස්ථානාධිපතිවරයාගේ දුරකථනය හා ස්ථානාධිපතිවරයාගේ රාජකාරී දුරකථනයෙන් මෙම සිද්ධියට අදාල දිනය ආවරණය කරමින් දුරකථන විශේෂණ වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව දුරකථන සම්බන්ධතා පැවැත්වීමද තහවුරු වී ඇති බවට ද අධිකරණය වෙත පොලිසිය දැනුම් දී තිබෙනවා.
සැකකරු වෙනුවෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇපකරයක් යොමු කර අනතුරුව එම අපේක්ෂිත ඇපකරය ඉල්ලා අස්කර ගැනීමටද කටයුතු කෙරුණා.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් කරන ලද විමර්ශන අනුව දුරකථන විශ්ලේෂණ වාර්තා, අධිකරණ වෛද්‍ය වාර්තා අධිකරණයේ සැලකිල්ලට යොමු කරමින් සැකකාර ස්ථානාධිපතිවරයා බන්ධනාගාර ගත කර තිබෙනවා.

Latest News
ඩෙංගු නිසා කොළඹ සරසවියේ සියලු දේශන හෙට සිට 15 දක්වා ඔන්ලයින් ක්‍රමයට
Local
09 July 2026
බුලත්සිංහල OIC රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට
Local
09 July 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
09 July 2026
පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්
Local
09 July 2026
දකුණු ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8ක් මරුට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දීයානුවෙකුත් මිය ගිහින්
Local
09 July 2026
ගොවි සංවිධාන නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි
Local
08 July 2026
දක්ෂතම ආධුනික පොලිස් රියැදුරා අනතුරකින් මරුට
Local
08 July 2026
ළමයින්ගේ සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය
Local
08 July 2026