General10 July 2026

කතරගම දේවාලයේ ඇසළ පෙරහරට සමගාමීව සිදුකෙරෙන පාද යාත්‍රාව සඳහා කුමන ජාතික වනෝද්‍යානයේ දොරටු විවෘත කෙරේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහරට සමගාමීව සිදුකරනු ලබන පාද යාත්‍රාව සඳහා කුමන ජාතික වනෝද්‍යානයේ දොරටු විවෘත කිරීම අද (10) සිදුකෙරුණා.

ඒ අනුව, විශාල බැතිමතුන් පිරිසක් අද පෙරවරුවේ ඔකද දේවාලයෙන් ආශිර්වාදය ලබා ගෙන කුමන ජාතික වන උද්‍යානය ඔස්සේ සිය වන්දනා ගමන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ලබන 15 වනදා සිට 29 දින දක්වා පැවැත්වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes