International12 July 2026

ඉරාන ඉලක්ක වෙත අමෙරිකාවෙන් තෙවැනි වරටත් ප්‍රහාර

හෝමූස් සමුද්‍ර සන්ධියේදී ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) විසින් 'MV GFS Galaxy' නමැති වාණිජ නෞකාවකට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, අමෙරිකානු ආරක්ෂක අංශ මේ සතිය තුළ තෙවන වරටත් ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අමෙරිකානු මධ්‍යම අණදෙන කාර්යාලය (US Central Command) නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කළේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් ගන්නා සිවිල් නාවිකයන්ට සහ වෙළෙඳ නැව්වලට තර්ජනයක් වන පරිදි ඉරානය සතු ප්‍රහාරක හැකියාවන් දුර්වල කිරීම සඳහා මෙම ගුවන් ප්‍රහාර මාලාව දියත් කළ බවයි.

නෞකාවට දැඩි හානිප්‍රහාරයට ලක්වූ සයිප්‍රස් රාජ්‍යයට අයත් 'MV GFS Galaxy' බහාලුම් ප්‍රවාහන නෞකාවේ එන්ජින් කාමරයට දැඩි හානි සිදුව ඇති අතර, ඉන් හටගත් ගින්න හේතුවෙන් එය තවදුරටත් යාත්‍රා කිරීමට නොහැකි තත්ත්වයක පවතින බවයි අමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ.
Related recommendation
Hiru TV News | Programmes