General13 July 2026

දොම්පේ ප්‍රදේශයේදී අයිස් කිලෝ 8ක්, ජීව උණ්ඩ 20 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට

දොම්පේ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී අයිස් කිලෝග්‍රෑම් 8 කට වැඩි ප්‍රමාණයක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකාය සිදුකළ එම වැටලීමේ දී තියුණු ආයුධ සහ ජීවඋණ්ඩ 20 ක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

දැනට ගණනය කර ඇති ආකාරයට සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටි 12 කට ආසන්න වනවා.
Related recommendation
Hiru TV News | Programmes