General13 July 2026

දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි

දෙමළ සහ මුස්ලිම් ජනතාව මුහුණ දෙන පොදු ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම නව එකඟතාවය හරහා උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙන්ම කොළඹ සහ මලයාගම් (කඳුකර) ප්‍රජාව ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙසෙන දෙමළ භාෂාව කතා කරන ජනතාව මුහුණ පා සිටින ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.

එම ජන කොටස්වල අයිතිවාසිකම් දිනා ගැනීම, ආර්ථික හා සමාජයීය ගැටලුවලට විසඳුම් සෙවීම සහ ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිරියේදී සමීප සහයෝගීතාවයකින් යුතුව කටයුතු කිරීම මෙම දේශපාලන පක්ෂවල ඒකාබද්ධ අරමුණ වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes