රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09ක් සහ ආයුධ තොගයක් සමඟ දොම්පේ, ජඹුගහහන්දිය ප්‍රදේශයේදී තරුණයෙක් අද (13) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනවා.
විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අද (13) සිදු කළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 25ක තරුණයෙක්.
සැකකරු යතුරුපැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා. පසුව දොම්පේ, ජඹුගහහන්දිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සිදු කළ සෝදිසි කිරීම්වලදී රුපියල් මිලියන ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 120ක්, ‘ජෝනි බට්ටන්’ (පුපුරණ ද්‍රව්‍ය) 3ක්, ෆියුස් 4ක්, කඩු 5ක් සහ එම්-16 (M16) ගිනිඅවියට භාවිතා කරන පතොරම් 20ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොහු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාලයක මෙහෙයවන්නෙකු වන ‘වරුණ’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගැනීම සහ ඒවා දිවයින පුරා බෙදාහැරීමේ ප්‍රධාන තැරැව්කරු ලෙස කටයුතු කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්ද්‍රව්‍ය ඇතුළු ආයුධ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) වෙත භාර දී තිබෙනවා.
Latest News
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026