රුපියල් කෝටි 184කට අධික රජයේ මුදල් අවදානම් සහගත ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් රජයට පාඩු සිදුකළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරා ඇති නඩුවේ මූලික විරෝධතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (13) ඒකමතිකව ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව, විත්ති පාර්ශ්වයේ විරෝධතා හේතුවෙන් කල් තබා තිබූ මෙම නඩුවේ පූර්ණ විභාගය ලබන ජූලි මස 20 වැනිදා ආරම්භ කිරීමටයි අධිකරණය නියම කර ඇත්තේ.
මනෝජ් තල්ගොඩපිටිය (සභාපති), උදේශ් රණතුංග සහ බුද්ධික සී. රාගල යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ තීන්දුව සභාපති විනිසුරුවරයා විසින් විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
2011 මාර්තු 11 සහ 2012 නොවැම්බර් 19 යන කාලසීමාව තුළ ග්‍රීසියේ ආර්ථිකය දැඩි ලෙස කඩා වැටී තිබියදීත්, එරට දැඩි අවදානම් සහගත බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයේ මුදල් ආයෝජනය කිරීමෙන් රුපියල් 1,843,267,595.60 ක (රු. කෝටි 184කට අධික) පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබෙනවා.
මීට පෙර කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව පැවති නඩුවේදී රජයට වූ පාඩුව මාස තුනක් ඇතුළත ගෙවන ලෙස දුන් කොන්දේසිය විත්තිකරු ඉටු නොකිරීම හේතුවෙන්, නව දූෂණ විරෝධී පනත යටතේ මෙම නව අධිචෝදනා පත්‍රය ගොනු කිරීමට අල්ලස් කොමිසම පියවර ගෙන තිබුණා.

Latest News
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026