General14 July 2026

බදුල්ල මහ නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි

බදුල්ල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී මහින්ද ගුණසේකර ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මේ අනුව, පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා බදුල්ල කයිලගොඩ කොට්ඨාසයේ ජයසේන රත්නායක නව මන්ත්‍රීවරයෙකු ලෙස ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු මන්ත්‍රීවරයා අසනීප තත්ත්වයක් හේතුවෙන් එලෙස ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

Related recommendation
Hiru TV News | Programmes