General14 July 2026

සලේගේ පෙත්සම 17 වැනිදාට කල් යයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම මේ මස 17 වැනිදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද (14) නියම කළා.

මෙම පෙත්සම අද (14) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර සුරේෂ් සලේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයට වැඩිදුර කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් සලකා බැලීම් ලබන 17 වැනිදා තෙක් කල් තැබීමට අධිකරණය නියම කළා.
Related recommendation
Hiru TV News | Programmes