General15 July 2026

ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවටයි සඳහන් වෙන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 පමණ තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes