General15 July 2026

මීගමුව බන්ධනාගාරයේ දොර කවුළුවෙන් වෙඩි තැබූ බන්ධනාගාර නියාමකට මාරුවක්

මීගමුව බන්ධනාගාරයේ ගැටුම සිදුවන අවස්ථාවේ එහි ප්‍රධාන දොර කවුළුවෙන් වෙඩි තැබුවේ යැයි කියන බන්ධනාගර නියාමකවරයා මහනුවර ප්‍රදේශයේ බන්ධනාගාරයක් වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක සඳහන් කළේ ඔහුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන අදාල නිලධාරියා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස මාරු කිරීම සිදුකළ බවයි.

මේ අතර මීගමුව බන්ධනාගාර ගැටුමේ ආරම්භයට හේතු වී ඇත්තේ, එහි සිටි කටුවැල්ලේගම සුරේෂ් නමැත්තාට ව්‍යායාම කිරීම සඳහා ලබාදී තිබූ කාලය ප්‍රමාණවත් නොවන බව පවසමින් බන්ධනාගාර නිලධාරියෙකුට ජීවිත තර්ජනය කිරීමේ සිද්ධියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes