මෙරට මහජනතාවට ලිංගිකත්වය පිළිබඳ අධ්‍යාපනික කරුණු ලබාදීමේ දී අනුගමනය කළ යුතු "ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ" එළිදැක්වීමේ ජාතික උත්සවය අද (15) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය (Health Promotion Bureau) විසින් සංවිධානය කරනු ලබන මෙම උත්සවයේදී මෙරට ජනතාව, පාසල් පද්ධතිය සහ තාරුණ්‍යය ඉලක්ක කරගත් සුවිශේෂී ලිංගික සන්නිවේදන මාර්ගෝපදේශ සහ අධ්‍යයන වාර්තා කිහිපයක් නිල වශයෙන් එළිදැක්වීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙහිදී එළිදැක්වීමට නියමිත ප්‍රධාන ලේඛන සහ මාර්ගෝපදේශ අතර, වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපනය පිළිබඳ සන්නිවේදන මාර්ගෝපදේශය, ශ්‍රී ලංකාවේ ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ ජාතික අධ්‍යයන වාර්තාව සහ 6, 7 ශ්‍රේණිවල ගුරුවරුන් සඳහා වන වයසට ගැළපෙන ලිංගික අධ්‍යාපන සන්නිවේදන අත්පොත වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මෙම ප්‍රකාශන එළිදැක්වීමට අමතරව, වෘත්තීය පුහුණු ක්ෂේත්රය සෞඛ්‍ය ප්‍රවර්ධන පරිසරයක් ලෙස සංවර්ධනය කිරීමේ විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙම උත්සවයේදී සිදු කෙරේ.
Latest News
පොලිසියේ නමින් සහ රජයේ GovPay අනුකරණය කරමින් ක්‍රියාත්මක වන SMS මූල්‍ය වංචාවක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!
Local
15 July 2026
CBL සමපෝෂ අනුග්‍රහයෙන් පළාත් පාසල් ක්‍රීඩා උළෙල ජූලි 21දා ඇරඹේ
Local
15 July 2026
ජීවන වියදම නැග්ගත් අනුරට 75%ක් කැමැතියි - CPA නවතම වාර්තාව
Local
15 July 2026
ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට සරුංගල් යැවීමෙන් වළකින්න: ගුවන් හමුදාවෙන් හදිසි ඉල්ලීමක්
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ අත්අඩංගුවට
Local
15 July 2026
ඉන්දියාවේ රෙදි ප්‍රදර්ශනයකට ඇමති හඳුන්නෙත්ති ගිහින් ඇමති ගිරිරාජ් සහ මාගරීටා සමඟ සාකච්ඡා
Local
15 July 2026
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
Local
15 July 2026
ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයට පෙර සමාප්ති උළෙලක්
Local
15 July 2026
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිතයා හමුවෙයි
Local
15 July 2026
ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ සහ ජාතික අධ්‍යයන වාර්තා එළිදැක්වීම අද
Local
15 July 2026