ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන ලොව ප්‍රමුඛතම සහ විශාලතම රෙදිපිළි හා ඇඟලුම් ප්‍රදර්ශනයක් වන ‘භාරත් ටෙක්ස් 2026’ අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇඟලුම් ක්ෂේත්රයේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පවත්වා තිබෙනවා. 2026 ජූලි 14 වැනිදා පැවැත්වුණු මෙම සුවිශේෂී හමුව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එක්ව සිටියා.
මෙහිදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, ඉන්දීය මධ්‍යම රෙදිපිළි අමාත්‍ය ගිරිිරාජ් සිං (Shri Giriraj Singh) සහ ඉන්දීය රෙදිපිළි හා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය පබිත්‍රා මාගරීටා (Shri Pabitra Margherita) සමඟ සාකච්ඡාවල නිරත වූ බවයි වාර්තා වන්නේ.
දෙරටේ ඇඟලුම් කර්මාන්තයේ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, නිෂ්පාදන අගය දාම සබැඳියාවන් (Value-chain linkages) ශක්තිමත් කිරීම, ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම, කාර්මික සහයෝගීතාව මෙන්ම ක්ෂේත්රයේ ශ්‍රමිකයන්ගේ කුසලතා හා ධාරිතාව වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කෙරුණා.
ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්රය, උසස් ප්‍රමිතියෙන් යුත් තිරසාර සහ සදාචාරාත්මක නිෂ්පාදන සම්බන්ධයෙන් ලොව පුරා විශාල කීර්තියක් උසුලනවා. ඉන්දියාව සමඟ පවතින දිගුකාලීන වාණිජ සබැඳියාවන් ද උපයෝගී කරගනිමින්, දෙරටේ ඇඟලුම් අගය දාමයන් තවදුරටත් ඒකාබද්ධ කරමින් ඉදිරි ආර්ථික ප්රතිලාභ ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.
රටවල් 130කට අධික සංඛ්‍යාවක කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රමුඛයන්, නිෂ්පාදකයන්, ගැනුම්කරුවන් සහ නව නිපැයුම්කරුවන් එක්වන ‘භාරත් ටෙක්ස් 2026’ ප්‍රදර්ශනය, මෙවැනි ජාත්‍යන්තර සබඳතා ගොඩනැඟීමට සහ නව වෙළඳපොළ අවස්ථා ගවේෂණය කිරීමට කදිම ගෝලීය වේදිකාවක් සපයනවා. මෙමඟින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සන්නාමය ජාත්‍යන්තර තලයේ තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ඉන්දීය ආයෝජන මෙරටට ආකර්ෂණය කර ගැනීමට ද මහඟු පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Latest News
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසි අටකට එරෙහිව පවරා ඇති නඩුව : නීතිපති උපදෙස්වලට
Local
15 July 2026
හිටපු අමාත්‍ය මර්වින් සහ ප්‍රසන්න රණවීර ඇතුළු හයකට අධිචෝදනා
Local
15 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 7.19කින් පහළට
Local
15 July 2026
පොලිසියේ නමින් සහ රජයේ GovPay අනුකරණය කරමින් ක්‍රියාත්මක වන SMS මූල්‍ය වංචාවක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!
Local
15 July 2026
CBL සමපෝෂ අනුග්‍රහයෙන් පළාත් පාසල් ක්‍රීඩා උළෙල ජූලි 21දා ඇරඹේ
Local
15 July 2026
ජීවන වියදම නැග්ගත් අනුරට 75%ක් කැමැතියි - CPA නවතම වාර්තාව
Local
15 July 2026
ගුවන් තොටුපළ සහ ධාවන පථ අවට සරුංගල් යැවීමෙන් වළකින්න: ගුවන් හමුදාවෙන් හදිසි ඉල්ලීමක්
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ අත්අඩංගුවට
Local
15 July 2026
ඉන්දියාවේ රෙදි ප්‍රදර්ශනයකට ඇමති හඳුන්නෙත්ති ගිහින් ඇමති ගිරිරාජ් සහ මාගරීටා සමඟ සාකච්ඡා
Local
15 July 2026
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
Local
15 July 2026