General15 July 2026

විමල්ගේ සොයුරු සරත් වීරවංශ රිමාන්ඩ්

ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතා කර රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයා වන සරත් වීරවංශ ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) නියෝග කළා.

ඒ, මෙම සැකකරු මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය විසින් අද (15) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

මෙම සිද්ධියට අදාලව සරත් වීරවංශ යන අය නිතිපතිවරයාගේ උපදෙස් අනුව සැකකරුවකු ලෙස නම් කරන බව මූල්‍ය අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දී තිබුණේ ඉකුත් ජුනි මස 10 වැනිදා පැවැති නඩ‍ු‍වේදියි.

ඒ අනුව ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමට අනුව සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද අධිකරණයෙන් නිකුත් කෙරුණා.
Related recommendation
Hiru TV News | Programmes