ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සඳහා සිසුන්ට අවස්ථාව සලසා දෙමින්, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සියලුම පාසල් සඳහා හෙට, එනම් ජූලි 20 වන සඳුදා දින විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර පැවැත්වෙන මෙම අවසන් මහා තරගය ඇමරිකා එක්සත් ජනපදයේදී ඉරිදා (19) දින පැවැත්වෙන අතර, ඉන්දීය වේලාවෙන් එය මධ්‍යම රාත්‍රිය පසුවී විකාශය වීමට නියමිතයි.
ඒ අනුව, තරගය නැරඹීම සඳහා පාසල් නිවාඩුවක් ලබා දෙන ලෙස ජනතාවගෙන් ලැබුණු දැඩි ඉල්ලීම් සලකා බලා කේරළයේ මහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව (General Education Department) විසින් මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවයි එම වාර්තාවේ සඳහන්.
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය පාපන්දු ක්‍රීඩාව සඳහා, විශේෂයෙන්ම ආර්ජන්ටිනා සහ බ්‍රසීල කණ්ඩායම් වෙනුවෙන් ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් සහ දැඩි උන්මාදයක් දක්වන කලාපයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා.
මෙම අවසන් මහා තරගය වෙනුවෙන් කේරළය පුරා දැවැන්ත තිර (Screenings) යොදාගනිමින් සජීවී විකාශයන් සහ මහා පරිමාණ සැමරුම්ද සංවිධානය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
කෙසේ වෙතත්, මෙම නිවාඩුව අදාළ වන්නේ මහා අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පවතින පාසල් සඳහා පමණක් වන අතර, ප්‍රාන්තයේ සියලුම උසස් අධ්‍යාපන ආයතන හා විද්‍යාල (Colleges) සඳහා මෙතෙක් එවැනි නිල නිවාඩුවක් ප්‍රකාශයට පත් කර නොමැති බව ද එහි සඳහන්.
මූලාශ්‍රය - ද හින්දු

Latest News
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමය, අධිකරණ ඇමතිට දෙවන වරටත් ලියයි
Local
20 July 2026
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
20 July 2026
මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
වාහන තුනක් එකට ගැටී අනතුරක්: දෙදෙනෙක් රෝහලේ
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026
හිටපු පොලිස්පතිගේ මරණය: ගිනි අවිය ඇතුළු නඩු භාණ්ඩ රස පරීක්ෂක වෙත යැවීම සඳහා ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් පොලිසියට නියෝග
Local
20 July 2026
කාන්තාවක් සමග පැවැත්වූ සබඳතාවක් හේතුවෙන් සිංගප්පූරු ඉස්ලාම් කටයුතු ඇමති ඉල්ලා අස්වෙයි
Local
20 July 2026
නවදිල්ලි නුවර ශ්‍රී ලාංකේය ආහාර උළෙලක්: දේශීය රසයන්ගෙන් ඉන්දීය වැසියන් පිනවයි
Local
20 July 2026