විශ්වවිද්‍යාල ප්‍රජාව ඩෙංගු රෝගයෙන් ආරක්ෂා කර ගැනීම, රෝගය කල්තියා හඳුනා ගැනීම සහ නිසි සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අරමුණු කරගනිමින් සකස් කළ "ඩෙංගු නිරීක්ෂණය සහ වැළැක්වීම පිළිබඳ සායනික කළමනාකරණ හා සම්මත මාර්ගෝපදේශය" අද (20) පෙරවරුවේ නිල වශයෙන් එළිදක්වනු ලැබුවා.
මෙම උත්සවය කොළඹ 07, වෝඩ් පෙදෙසෙහි පිහිටි උසස් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල තුළ ඩෙංගු රෝගය කල්තියා හඳුනා ගැනීම, රෝගීන් නිසි පරිදි කළමනාකරණය කිරීම, රෝග නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම සහ මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වා දීම මෙහි ප්‍රධාන අරමුණ බව සඳහන්.
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) එක්ව කොළඹ විශ්වවිද්‍යාලයේ සම්පත් දායකත්වය ඇතිව මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කර තිබෙනවා.
මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක විසින් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න වෙත නිල වශයෙන් මෙම මාර්ගෝපදේශන සංග්‍රහය පිළිගන්වනු ලැබුවා.
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සහ එය පාලනය කිරීම සඳහා මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීමේ වැදගත්කම මෙන්ම එහි පසුබිම පිළිබඳව මෙහිදී අදහස් දක්වමින් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා.
මෙම මාර්ගෝපදේශ සකස් කිරීම සඳහා පාදක කරගත් විද්‍යාත්මක කරුණු පිළිබදව විස්තර කරනු ලැබුවේර කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක විසින්.
ඩෙංගු රෝගය වැලඳෙන ආකාරය සහ උණ වැලඳීමෙන් පසු රෝගියෙකු විසින් කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු පෙන්වා දුන්නා.
මේ අතර, පසුගිය දිනවල පැවති තත්ත්වයන්ගෙන් පසු කොළඹ විශ්වවිද්‍යාලයේ සියලු කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ද උපකුලපතිවරයා මෙහිදී තහවුරු කළා.
කොළඹ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය පූජිත වික්‍රමසිංහ ද මෙහිදී සභාව ඇමතූ අතර, ඩෙංගු උණ රෝගී තත්ත්වයකට සාර්ථකව මුහුණ දිය යුතු ආකාරය සහ සායනිකව රෝගීන් රැකබලා ගන්නා ආකාරය පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක උපදෙස් ලබා දුන්නා.
වත්මන් ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ප්‍රසීලා සමරවීර ප්‍රකාශ කළේ, මේ වන විට මුළු දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මදුරු කීට ඝනත්වය (Larval Density) සැලකිය යුතු මට්ටමකින් පහළ බැස ඇති බවයි.
මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත කුමාර, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ විවිධ විශ්වවිද්‍යාලවල නියෝජිතයන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ විශේෂඥයන් රැසක් සහභාගී වී සිටියා.
Latest News
තහනම් සංවිධානයකට අයත් පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිර වූ පුද්ගලයා 02 වැනිදා දක්වා රිමාන්ඩ්
Local
19 August 2026
සැප්තැම්බර් සිට රථවාහන දඩ මුදල් ගෙවීම ඩිජිටල් ක්‍රමයට පමණයි
Local
19 August 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැස්ස
Local
19 August 2026
කොටස් වෙළඳපොළ ඒකක 62.50කින් පහළට
Local
19 August 2026
අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්
Local
19 August 2026
'ගල්කටස්' ගිනිඅවියක් සමග තරුණයෙක් මාට්ටු
Local
19 August 2026
දැඩි මුදල් ප්‍රතිපත්ති හමුවේ බැංකුවල ණය ලබාදීමේ වර්ධනය මන්දගාමී වෙයි
Local
19 August 2026
මාර්ගයේ යනවිට 'සීට් බෙල්ට්' නැත්නම් පැමිණිලි කරන්න විශේෂ වට්ස්ඇප් අංකයක්!
Local
19 August 2026
2027 දෙවන භාගයේදී IMF වැඩසටහන සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාව සූදානම්
Local
19 August 2026
මහනුවර සුරුසැල් කිහිපයක් දින 10කට වැසේ
Local
19 August 2026