General25 July 2026

දෙමළ දේශපාලන පක්ෂ හයක් ජනපති හමුවීමට ඉල්ලයි

දෙමළ භාෂාව කතා කරන ප්‍රජාවට බලපාන ජාතික වැදගත්කමක් සහිත කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස දෙමළ දේශපාලන පක්ෂ 06ක නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.

අනතුරුව ඔවුන් සූදානම්ව ඇත්තේ, විපක්ෂ නායකවරයා මෙන්ම මෙරට රාජතාන්ත්‍රික නියෝජිතයින් ද හමුවී අදාළ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමටයි.

දෙමළ භාෂාව කතා කරන අදාළ දේශපාලන පක්ෂවල කැඳවුම්කරු ලෙස ඉලංගෙයි තමිල් අරසු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් කටයුතු කරනවා.
Related recommendation
Hiru TV News | Programmes