General30 July 2026

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්වරිය නාවික හමුදාපති හමුවෙයි

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උතුරු හා දකුණු ආසියා ශාඛාවේ සහකාර ලේකම් කැරන් රැඩ්ෆර්ඩ් ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු නාවික මූලස්ථානයේදී අද (30) හමු වූවා.

මෙහිදී පැවති සාකච්ඡාවේදී, දෙපාර්ශ්වයටම වැදගත් වූ කරුණු රැසක් පිළිබඳව සහකාර ලේකම් කැරන් රැඩ්ෆර්ඩ් සහ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා අතර සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරියක වන කර්නල් ඇමැන්ඩා ජොන්ස්ටන් ද සහභාගි වූවා.

මෙම හමුවේ සුවිශේෂීත්වය සංකේතවත් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරුණා.
Related recommendation
Hiru TV News | Programmes