රත්නපුර ප්‍රදේශයට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ මේ වන විට රත්නපුර කළු ගඟේ පුළුගුපිටියේ ජලමාපකය මඟින් දැක්වෙන ජල මට්ටම අඩි හයේ සීමාවූ පිටාර මට්ටම දක්වා පැමිණ ඇති බවයි.
පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුද්දුව සහ ඇත්ඔය යන ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවී ඇතැයි ද අප වාර්තාකරුවන් සඳහන් කරනවා.
විශේෂයෙන්ම රත්නපුර - අළුපොත ප්‍රධාන මාර්ගය ඇත්ඔය ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශයේ ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.
මීට අමතරව, මුද්දුව පොදු සුසාන භූමිය සහ ඒ අවට පහත් බිම් ද ජලයෙන් යටවී ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රදේශයේ නිවාස කිහිපයකට ද ගංවතුර තර්ජන එල්ල වී තිබෙනවා.
දැනටත් රත්නපුර ප්‍රදේශය වැහි අන්ධකාරයෙන් ගිලී පවතින අතර, කඩින් කඩ මහ වැසි ඇද හැලෙමින් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ.
Latest News
රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා
Local
06 August 2026
එල් නිනෝ හමුවේ තවත් මිලියන 49ක ජනතාවක් ආහාර අර්බුධයක
Local
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026
අමෙරිකාවෙන් ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ ආයතන කිහිපයකට පනවා තිබූ සම්බාධක ඉවතට
Local
05 August 2026
හෝමුස් සමුද්‍රසන්ධියේ ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්
Local
05 August 2026
ගල්කිස්සේ වෙඩි ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4ක්
Local
05 August 2026
මහනුවර ප්‍රදේශ රැසකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
Local
05 August 2026
ඉන්දීය විදේශ ලේකම් සහ විපක්ෂනායක අතර හමුවක්
Local
05 August 2026