General04 August 2026

ඩෙංගු මර්දනයට ඉන්දියාවෙන් මැලතියන්

මෙරට ඩෙංගු මර්දනය සඳහා ටෙක්නිකල් මැලතියන් තොගය මෙරට ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා විසින් අද (04) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම සිදුකළා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කළ ඉල්ලීමකට අනුව මෙරට ඩෙංගු මර්දනය සඳහා මැලතියන් ලබාදීමට ඉන්දියාව පියවර ගැනීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉන්දියානු මහ කොමසාරිස්වරයා වෙත සිය ස්තූතිය පළ කර තිබෙනවා.

ඒ අනුව, මෙරට ඩෙංගු මර්දනය සඳහා මෙවැනි මැලතියන් භාවිත කරන ප්‍රථම අවස්ථාව මෙය බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, ඩෙංගු වැඩිවීමේ සීඝ්‍රතාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බැවින් ඩෙංගු මර්දනයට මෙම මැලතියන් තොගය මෙරටට ලැබීම ඒ සඳහා ලැබුණු විශාල සහයක් බවයි.

එමෙන්ම, ජනතාවගේ උනන්දුව ඩෙංගු මර්දනය සඳහා වෙනදාට වඩා මේ වනවිට වැඩිවී ඇති බව ද වෛද්‍යවරයා මෙහිදී සඳහන් කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes