දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු තුනකින් පුද්ගලයින් තිදෙනෙක් මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මඳුරාගොඩ, කයිට්ස් සහ දැරණියගල යන පොලිස් වසම්වලින් මෙම අනතුරු වාර්තා වී තිබෙනවා.
ඊයේ (03) උදෑසන මඳුරාගොඩ පොලිස් වසමේ, දොඩන්ගස්ලන්ද මැල්සිරිපුර මාර්ගයේ කෙසෙල්වත්ත මාර්ගයට හැරෙන හන්දිය අසලදී සිදුවූ රිය අනතුරකින් දොඩන්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මැල්සිරිපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් විරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබූ බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර, කයිට්ස් පොලිස් වසමේ වලන්තලේ හන්දියේ සිට අරාලි හන්දිය දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් බරපතල තුවාල ලැබූ කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පාපැදිකරු කරෙයිනගර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. අනතුර සිදුකළ යතුරුපැදිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
දැරණියගල පොලිස් වසමේ, දැරණියගල - දෙහිඕවිට මාර්ගයේ ඉලුක්තැන්න ප්‍රදේශයේදීද ඊයේ (03) රාත්රියේදී මාරක අනතුරක් සිදුව තිබෙනවා.
දෙහිඕවිට දෙසට ධාවනය වූ යතුරුපැදියක ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් බරපතල තුවාල ලැබූ දැරණියගල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් දැරණියගල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසනවා.
Latest News
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති සමාව ඉල්ලයි: විවේචන මැදත් ධුරයේ රැඳෙයි
Local
06 August 2026
අගමැති මෝදිගේ ෆේස්බුක් සටහනක් අවහිර කිරීම සම්බන්ධයෙන් මෙටා සමාගම ඉන්දියාවෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි
Local
06 August 2026
නිරිත දිග මෝසම සක්‍රීය වෙයි: ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
Local
06 August 2026
රන් ආලේපිත T-56 ගිනි අවි සිද්ධියට හිටපු අමාත්‍ය දුමින්ද ඇතුළු දෙදෙනෙකුට අධිචෝදනා
Local
06 August 2026
එල් නිනෝ හමුවේ තවත් මිලියන 49ක ජනතාවක් ආහාර අර්බුධයක
Local
05 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අර්බුදයේ තීන්දුව අගෝස්තු 31 වැනිදා
Local
05 August 2026
ඉරාකයේ Fly Baghdad ගුවන් සේවයට අමෙරිකාවෙන් පැනවූ සම්බාධක ඉවතට
Local
05 August 2026
දිට්වා ආපදාවට පත් පවුල් 35කට තාවකාලික නිවාස ප්රදානය කෙරේ
Local
05 August 2026
අමෙරිකාවෙන් ඉරාන විප්ලවීය බලකායට සම්බන්ධ ආයතන කිහිපයකට පනවා තිබූ සම්බාධක ඉවතට
Local
05 August 2026
හෝමුස් සමුද්‍රසන්ධියේ ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර එකඟතාවක්
Local
05 August 2026