General05 August 2026

කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය සමග මිනුවන්ගොඩදී අයෙක් අත්අඩංගුවට

ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (04) සිදුකළ විශේෂ වැටලීමකදී රුපියල් එක්කෝටි දශලක්ෂයක් (රු 11,000,000.00) පමණ වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ 11 ග්‍රෑම් 844 ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම යන චෝදනා මත අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 31 හැවිරිදි දොඹවල, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු යතුරු පැදියක් සහ රු 500 000ක මුදලක් සමග මිනුවන්ගොඩ පොලිස් වසමට අයත් දොඹවල ග්‍රාමසේවා වසමේ අඹගහවත්ත හංදිය අසලදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු, ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පත්මේගේ අනුගාමිකයෙකු වන, දැනට ඉතාලියේ සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන 'මල්ක' නැමැත්තාගේ සමීපතමයෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes