International09 August 2026

අමෙරිකාවේ විදෙස් සේවකයින්ට දුන් දින 60 ක සහන කාලය අහෝසි කිරීමේ සූදානමක්

රැකියාවන් අහිමි වූ විට, විදේශීය සේවකයින්ට නව රැකියාවන් සොයා ගැනීම සඳහා ලබා දී තිබූ දින 60 ක සහන කාලය අවසන් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම යෝජනාව දැනට ධවල මන්දිරයේ කළමනාකරණ සහ අයවැය කාර්යාලයේ සමාලෝචනයට ලක්වෙමින් පවතින අතර, එය තවමත් සම්පූර්ණ නීතියක් බවට පත්වී නැහැ.

මෙවැනි පියවරක් ක්‍රියාත්මක වුවහොත්, විදෙස් සේවකයින්ට එරටින් පිටව යාමට සිදුවන අතර H-1B දක්ෂතා මත පදනම් වූ වීසා වැඩසටහනේ ප්‍රධාන ප්‍රතිලාභීන් වන ඉන්දියානු ප්‍රජාව ඇතුළු විදේශීය සේවකයින්ට මෙමගින් දැඩි බලපෑම් එල්ල වනු ඇති.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු දේශීය සේවකයින්ට වැඩි අවස්ථා ලබා දීමේ අරමුණින් සහ H-1B වීසා ක්‍රමවේදය දැඩි ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ එරට රජයේ ප්‍රතිපත්තිය යටතේ, මෙම දින 60 ක සහන කාලය අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes