International10 August 2026

'ඩොල්ෆින්' සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම් : මිලියනයකට අධික පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත

'ඩොල්ෆින්' සුළි කුණාටුවෙන් චීනයේ, ජිජියැන්ග් ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ වසරේ ගතවු කාලය තුළ චීනයට බලපෑ 13 වැනි සුළි කුණාටුව මෙය වන අතර එය ගොඩබිමට ඇතුළු වී ඇත්තේ පැයට කිලෝමීටර් 150ක පමණ වේගයකින්.

කුණාටුවත් සමඟ ඇති වූ දරුණු සුළං සහ වර්ෂාව හේතුවෙන් ෂැංහයි හි සුළු ගංවතුර තත්ත්වයක් ද වාර්තා වුණා.

එමෙන්ම ෂැංහයි සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන්වාර 1,400කට අධික සංඛ්‍යාවක් සුළි කුණාටුව හේතුවෙන් අවලංගු කර ඇති බවද සඳහන්.

නැගෙනහිර චීනයේ මිලියනයකට අධික ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes