පසුගිය 2025 වසරේදී සිදු කළ අමෙරිකානු හමුදා මෙහෙයුම් හේතුවෙන් සිවිල් වැසියන් 153 දෙනෙකු මියගොස් තවත් 243 දෙනෙකු තුවාල ලබා ඇති බව පෙන්ටගනය නිල වශයෙන් අනාවරණය කර තිබෙනවා.
අමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කළ නවතම වාර්තාවකට අනුව, මෙම සියලු මරණ සහ තුවාල වාර්තා වී ඇත්තේ යේමනයේ සන්නද්ධ කණ්ඩායමකට එරෙහිව සිදු කළ ගුවන් ප්‍රහාර තුනකට අදාළවයි.
2025 මාර්තු සිට මැයි දක්වා කාලය තුළ රතු මුහුදේ වාණිජ නෞකාවලට එල්ල වූ ප්‍රහාර වැළැක්වීමේ අරමුණින් අමෙරිකාව යේමනයේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
පෙන්ටගනයේ තක්සේරුවට අනුව, අප්‍රේල් 6 වැනිදා සනා නගරය ආසන්නයේ සිවිල් වැසියන් පස් දෙනෙකු මියගොස් ඇති බවට වැඩි ඉඩකඩක් පවතින අතර, අප්‍රේල් 17 වැනිදා රාස් ඉසා වරාය ආසන්නයේ 80 දෙනෙකු සහ අප්‍රේල් 28 වැනිදා සාඩා ප්‍රදේශයේ තවත් 68 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ දැක්වෙනවා.
කෙසේ වෙතත්, මෙම තක්සේරු කිරීම් සිදු කිරීමේදී අමෙරිකානු හමුදාව ප්‍රහාර එල්ල වූ ස්ථාන වෙත ගොස් පරීක්ෂා කිරීම් හෝ පුද්ගල සම්මුඛ සාකච්ඡා සිදු කර නොමැති බව සඳහන්.
ඒ වෙනුවට අමෙරිකානු බුද්ධි තොරතුරු, චන්ද්‍රිකා සහ අනෙකුත් ඡායාරූප මෙන්ම ප්‍රසිද්ධියේ පළ වූ වාර්තා භාවිත කර තිබෙනවා.
එමෙන්ම, පෙන්ටගනයේ නව වාර්තාවට ඇතුළත් නොවූ තවත් සිද්ධීන් 15ක් පිළිබඳව ද විමර්ශන සිදුකරමින් පවතින බව වාර්තාව සඳහන් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, කැරිබියානු මුහුදේ සහ පැසිෆික් සාගරයේ සිදු කළ බෝට්ටු ප්‍රහාරවලින් සිදුවූ මරණ මෙම වාර්තාවට ඇතුළත් කර නොමැති වීමද විශේෂත්වයක් බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
කෙසේ වෙතත්, එම ප්‍රහාරවලින් පසුගිය වසරේ පුද්ගලයන් 120කට පමණත්, මේ වසරේ තවත් 95කට පමණත්, හානි සිදුවී ඇති බව වාර්තා වනවා.
අමෙරිකානු රජය සඳහන් කර ඇත්තේ, එම බෝට්ටු ප්‍රහාර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කරමින් සිදුකරන මෙහෙයුම් බවයි.
එහෙත් ඇතැම් නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ එවැනි ප්‍රහාර ජාත්‍යන්තර නීතියට පටහැනි අධිකරණයෙන් බැහැර ඝාතන ලෙස සැලකිය හැකි බවයි.
2018 වසරේ සිට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට පෙර වසරේ හමුදා මෙහෙයුම් හේතුවෙන් සිදුවූ සිවිල් හානි පිළිබඳ වාර්තා කොංග්‍රසයට ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.
2023 වසරේදී අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් වාර්තා වූ සිවිල් මරණ සංඛ්‍යාව එකක් දක්වාත්, 2024දී දෙකක් දක්වාත් පහත වැටී තිබූ නමුත්, 2025දී යේමනයේ සිදු කළ ප්‍රධාන හමුදා මෙහෙයුම් හේතුවෙන් එම සංඛ්‍යාව යළි ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
පෙන්ටගනය ප්‍රකාශ කර ඇත්තේ සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කිරීම සඳහා අමෙරිකානු හමුදාව දැඩි කැපවීමකින් කටයුතු කරන බවයි.

Latest News
ප්‍රංශයේ අවුරුදු 15 ළමයින්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම අවලංගු කිරීමට අධිකරණයෙන් නියෝග
Local
15 August 2026
දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්
Local
15 August 2026
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රා අනතුරෙන් 11ක් මුදාගනී - නාවිකයෙක් අතුරුදන්
Local
15 August 2026
ඉතිරි වීඩියෝත් ළඟදීම දෙනවා : ජනාධිපති මාධ්‍ය අංශයෙන් නීතීඥ සංගමයට පොරොන්දුවක්
Local
15 August 2026
අඟුලාන මුහුදු තීරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් අනතුරට
Local
15 August 2026
නීතිඥ සංගමය ජනපති සමග සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි
Local
15 August 2026
ගොඩ ගැසුණු රස පරීක්ෂක වාර්තා 9,000ක කටයුතු මේ මස අවසන් කිරීමට පියවර
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 5 දක්වා ඉහළට
Local
15 August 2026
කුප්පියාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට
Local
15 August 2026
"ශිරාන් බාසික්"ට පැය 72ක රැඳවුම් නියෝග
Local
15 August 2026