යුක්රේනය විසින් රුසියාවේ කළු මුහුදු තීරයේ පිහිටි නොවොරොසියිස්ක් වරායට එල්ල කළ බව කියන දැවැන්ත ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාරයකින් එරට ප්‍රධාන ධාන්‍ය අපනයන පර්යන්ත දෙකකට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර, තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ප්‍රාදේශීය බලධාරීන් සඳහන් කර ඇත්තේ.
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසා ඇත්තේ, රුසියානු නාවික කඳවුර ඉලක්ක කර ගනිමින් රොකට්, ගුවන් ඩ්‍රෝන සහ නාවික ඩ්‍රෝන භාවිතයෙන් මෙම මෙහෙයුම සිදුකළ බවයි.
යුක්රේන හමුදාව පසුව සඳහන් කර ඇත්තේ, රුසියානු යුද නෞකා හතරකට, එයින් ෆ්රිගේට් නෞකා දෙකකට ද ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, රුසියාව මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි BBC පුවත් සේවය සඳහන් කරන්නේ.
රුසියානු කළු මුහුදු නාවික බලඇණියේ විශාල කොටසක් නොවොරොසියිස්ක් වරායේ රඳවා ඇති අතර, යුක්රේන ප්‍රහාරවල අවදානම හේතුවෙන් රුසියාවට ක්‍රිමියාවේ සෙවාස්ටොපෝල් කඳවුරෙන් නෞකා ඉවත් කිරීමට සිදුව තිබුණා.
ප්‍රහාරය හේතුවෙන් නොවොරොසියිස්ක් නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, වරාය ආශ්රිත ප්‍රදේශවල නල පද්ධතිවලට හානි සිදුවීම හේතුවෙන් ජල සැපයුම ද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත්, ප්‍රධාන ධාන්‍ය වෙළෙඳ සමාගම් දෙකක් සිය පර්යන්තවලට ප්‍රහාර එල්ල වූ බව තහවුරු කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මේ හේතුවෙන් ධාන්‍ය ප්‍රවාහන කටයුතු බෝල්ටික් හා කැස්පියන් මුහුදු වරායන් වෙත මෙන්ම ගොඩබිම් මාර්ග වෙත යොමු කිරීමට රුසියානු කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බව වාර්තා වෙනවා.
රුසියාව ලොව විශාලතම තිරිඟු අපනයනකරුවෙකු වන බැවින්, කළු මුහුදු සහ අසෝව් මුහුදු ප්‍රදේශවල සිදුවන ප්‍රහාර හේතුවෙන් ගෝලීය ධාන්‍ය සැපයුමට බලපෑම් ඇතිවීම පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.

Latest News
සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් වත්තේගම ප්‍රදේශයේ මාර්ගයේ දමාගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් 'පොඩ්ඩි' 17 දක්වා රිමාන්ඩ්
Local
14 August 2026
සංචාරක ඉපැයීම් පහතට
Local
14 August 2026
ජපානයට වාර්තාගත ලෙස අධික වැසි: ගතවූ පැය 24 තුළ මි.මී 360ක වැඩිම වර්ෂාපතනය චිබාවලට
Local
14 August 2026
නවසීලන්ත පොලිසිය රකේෂ් නායිඩූ සම්බන්ධයෙන් පැතිරවූ වැරදි තොරතුරු ගැන සමාව ඉල්ලයි
Local
14 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ පනත් කෙටුම්පත 18 වනදා පාර්ලිමේන්තුවට
Local
14 August 2026
විවාහ උත්සවය අවසන් වී එද්දී වූ බිහිසුණු අනතුර - මනාලියගේ මල්ලී සහ මිත්තණිය අවසන් ගමන් යයි
Local
14 August 2026
ෆේස්බුක් ආයතනය AI මෙවලම් සහිත Creator Studio ස්වාධීන යෙදුම එළිදක්වයි
Local
14 August 2026
අධිකරණ තීන්දුවට පිටින් ගොස් කෙනඩි මධ්‍යස්ථානයට ට්‍රම්ප්ගේ නම එක් කිරීමට තීරණයක්
Local
14 August 2026
බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය ඉන්දියානු තරුණයෙක් අතුරුදහන්
Local
14 August 2026