International18 August 2026

එක්සත් අරාබි එමීරයට මිසයිල ප්‍රහාර අවදානමක්: ආරක්ෂිතව රැඳී සිටින්නැයි ජනතාවට උපදෙස්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත එල්ල වූ මිසයිල ප්‍රහාර තර්ජනයක් එරට ගුවන් ආරක්ෂක පද්ධති මඟින් හඳුනාගෙන ඇති බව එරට ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසත්, නිල පණිවුඩ සහ ආරක්ෂක උපදෙස් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් එරට ජාතික හදිසි ආපදා කළමනාකරණ අධිකාරිය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ජනතාව වෙත හදිසි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එල්ල වූ ප්‍රහාරාත්මක තර්ජන ගුවන් ආරක්ෂක පද්ධති මඟින් සාර්ථකව ව්‍යර්ථ කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

මේ අතර, රටේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇති බවයි එරට ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes