General21 August 2026

විදුරු බෝල අන්තර්ගත ඇසුරුමක් භාවිත කර බීම නිෂ්පාදනය කළ අයෙක්ට දඩ

විදුරු බෝල අන්තර්ගත ඇසුරුමක් භාවිත කර බීම නිෂ්පාදනය කළ නිෂ්පාදකයෙකුට රුපියල් 109,000ක දඩයක් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද නියම කළා.

එම අත්අඩංගුවට ගන්නා ලද තොගය විනාශ කිරිමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

කොළඹ ප්‍රදේශයේ බීම නිෂ්පාදනය හා අලෙවියට අදාලව සිදුකළ වැටලීමකදී අනාවරණය වූ ආහාර සුරක්ෂිතතා හා සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ බීම නිෂ්පාදකයෙකුට රුපියල් 109,000ක දඩ මුදලක් එලෙස නියම වුවා.

මෙම නඩුව 2026 අගෝස්තු 21 වන දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අතර, සැකකරුට එරෙහිව චෝදනා 29ක් ඉදිරිපත් කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වු විමර්ශන නිලධාරීන් පවසා සිටියේ විදුරු බෝල අන්තර්ගත ඇසුරුමක් භාවිත කර බීම නිෂ්පාදනය කිරීම ඇතුලු ආහාර සුරක්ෂිතතාවට හා පාරිභෝගික සෞඛ්‍යයට බලපාන නීති උල්ලංඝනය කිරීම් රැසක් සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර ඇති බවයි.

නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ශෙහාන් අතුකෝරාල, ප්‍රගීත් ජාලිය ජයතිලක, චමිදු නිමේෂ් දිල්ශාන් චන්ද්‍රරත්න සහ පැතුමි රත්නායක යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙනී සිටියා.

අධිකරණ නියෝගය අනුව නඩුවට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ ආහාර/බීම තොගය විනාශ කිරීමට ද මාලිගාකන්ද මහේස්ත්‍රාත්තුමිය නියෝග කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes