General21 August 2026

මන්ත්‍රි අර්ච්චුනා, දෙගිඩියාවෙන් : පාර්ලිමේන්තුවේ අවසන් කතාව සිදුකරමින්, සැමට තුති පුදයි

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්ච්චුනා අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කියා සිටියේ අද තමා සිදුකරන්නේ පාර්ලිමේන්තුවේ අවසන් කතාව බවයි.

එහිදී තමා විවිධ අවස්ථාවල සිදුකළ ප්‍රකාශයන්ගෙන් යම් අයෙකුට සිත් රිදීමක් සිදුවුණේ නම් සමාවන ලෙසත්, තමා සියළු දෙනාට ස්තූතිය පළ කරන බවත් ඔහු කියා සිටියා.

පසුව අප කළ විමසීමකදී, මන්ත්‍රිවරයා සඳහන් කළේ, මෙතෙක් තමා ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දී නොමැති අතර, මන්ත්‍රි ධුරයට අදාළ නඩු කටයුත්තෙන් පසු ඉදිරි තීරණ ක්‍රියාත්මක කරන බවයි.
Related recommendation
Hiru TV News | Programmes