ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබු කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (25) නියෝග කළා.
සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව අධිකරණයෙන් මෙලෙස නියෝග කළා.
සැකකරු දැඩි ආරක්ෂාව යටතේ අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට රැගෙන එනු ලැබුවා.
සිද්ධියට සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ මෙම සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා නගා ඇති බවයි.
තවද ගණේමුල්ල සංජිව ඝාතනය කිරීමේ සිද්ධියට අදාලවද මෙම සැකකරු 18 වන සැකකරු ලෙස නම් කර ඇති බවත් එම නඩුව නැවත කැඳවන දින වන ලබන 4 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
තවද මෙම සැකකරු ඉකුත් 2025 වසරේ අගෝස්තු මස 31 වැනිදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගෙන ඒමෙන් පසු අද (25) දක්වා රැදවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කළ බවත් රැදවුම් කාල සීමාව අවසන් බැවින් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළා.
Latest News
රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත්
Local
27 August 2026
නුවරඑළියේ දී පෝනියෙකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 270 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 177 දක්වා ඉහළට
Local
27 August 2026
ජල බෝතල් වැඩි මිලට විකිණූ ආපනශාලාවකට ලක්ෂ 9කට අධික දඩයක්
Local
27 August 2026
ඉම්රාන් ඛාන්ගේ පුත්‍රයින්ගෙන් පාකිස්ථාන පාලනයට දොස්
Local
27 August 2026
චීන සයිබර් ප්‍රහාරයක් අමෙරිකාව ව්‍යර්ථ කරයි
Local
27 August 2026
නියාමකගේ යතුරු පැදියෙන් වැලිකඩින් පලා ගිය රැඳවියා ගැන පරීක්ෂණ
Local
27 August 2026
නේපාලයට ඉන්දියාවෙන් ටොන් 10ක මානුෂීය ආධාර තොගයක්
Local
27 August 2026
දේශපාලන සිරකරුවන් රඳවාගැනීම වහා නතර කරන ලෙස බංග්ලාදේශයට ඉල්ලීමක්
Local
27 August 2026