General01 September 2026

RMV නව කොමසාරිස් ජනරාල්වරයා වැඩ භාරගනී

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ඉදුනිල් ප්‍රනාන්දු අද (01) සිය රාජකාරි ආරම්භ කළා.

නව කොමසාරිස් ජනරාල්වරයා සිය නිල රාජකාරි ආරම්භ කිරිම අද දින (01) පෙරවරුවේ, කොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණු බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.

මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ද සහභාගී වුණා.

කොළඹ, හුණුපිටිය ගාංගාරාම විහාරාධිපති අතිපුජ්‍ය කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පුජනිය මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ අභිනව කොමසාරිස් ජනරාල්වරයා සිය රාජකාරි කටයුතු ආරම්භ කළා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ වැඩ බලන කොමසාරිස් ජනරාල් තාරක දේවප්‍රිය, එහි කොමසාරිස් (සංවර්ධන) විශාකා කුමාරගුරු, කොමසාරිස් (විමර්ෂණ) නිමාලිකා කුමාරි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
Related recommendation
Hiru TV News | Programmes