International15 May 2013

සුළි කුණාටුව, බංග්ලාදේශයට හා මියන්මාරයට ලං වෙයි.

බෙංගාල බොක්කේ පවතින සුළි කුණාටුව මේ වනවිට බංග්ලාදේශයට හා මියන්මාරය දෙසට ලං වෙමින් පවතිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ලබන සිකුරාදා පමණ වනවිට මෙම සුළි කුණාටුව බංග්ලාදේශයේ චිතගොන් නගරය වෙත ළඟාවනු ඇති බවයි. ඉන්දියාවේ උතුරු ප්‍රදේශයටද මෙමඟින් කිසියම් බලපෑමක් සිදුවිය හැකි බවයි මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ. පසුගියදා මෙම සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේද ප්‍රදේශ කිහිපයක ආපදා තත්ත්වයන් ඇතිවුණා.

Related recommendation
Hiru TV News | Programmes