Business31 January 2019

වී මිල දෙගුණයක් වන ලකුණු

වී කිලෝවක මිල මෙන් දෙගුණයක මිලක් සහල් කිලෝවක් විකිණීමේදී  අයකිරීමට වී මෝල් හිමියන් එකඟතාව පළ කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ, ප්‍රධාන පෙළේ සහ කුඩා පරිමාණයේ වී මෝල් හිමියන්, කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් සමඟ අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදියි.

ඒ අනුව සම්බා වී කිලෝවක් රුපියල් 41 කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 38 කට මිලදී ගැනීමට නියමිතයි.

එසේම මෙවර මහ කන්නයේදී වී මිලදී ගැනීමේදී පෞද්ගලික ගබඩාවලට රජය විසින් පනවන මිල ගණන් ප්‍රදර්ශනය කිරීමටද අදාළ සමාගම් එකඟත්වය පළ කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes