හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනයේ මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited), සිය නවතම JAECOO J5 HEV රථය ශ්‍රී ලාංකික වෙළඳපොල වෙත හඳුන්වා දී ඇත.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ නව බලශක්ති වාහන (NEV) සඳහා වන ඉල්ලුම ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක, පාරිභෝගිකයන්ගේ කාලීන අවශ්‍යතාවය සපුරාලමින් උසස් තාක්ෂණයෙන් යුත් හයිබ්‍රිඩ් SUV වාහන පෙළ පුළුල් කිරීම මෙම නව හඳුන්වාදීමේ ප්‍රධාන අරමුණයි.
නව පරපුරේ නාගරික ජීවන රටාවන් ගත කරන සහ සංචාරය සඳහා වැඩි උනන්දුවක් දක්වන ලාංකිකයන් වෙනුවෙන්ම සැලසුම් කර ඇති JAECOO J5 HEV රථය, දියුණු ස්මාර්ට් හයිබ්‍රිඩ් තාක්ෂණයකින් සමන්විතය. ඉහළම ආරක්ෂාව, උපරිම සුවපහසුව මෙන්ම ඉන්ධන කාර්යක්ෂමතාව සහ ඉහළ ක්‍රියාකාරීත්වය මැනවින් සමබර කරන මෙම මෝටර් රථය, නාගරික මාර්ග තදබදයකදී මෙන්ම දුර බැහැර ධාවනයේදී ද ඉතා සුමට අත්දැකීමක් සහතික කරයි.
JAECOO J5 HEV රථයේ ඇති ප්‍රධානතම අංගය වන්නේ එහි ඇති 1.5L Turbo GDI එන්ජිමයි. එය දියුණු විදුලි මෝටරයකින් සහ සුවිශේෂී හයිබ්‍රිඩ් ගියර් පද්ධතියකින් (DHT) සමන්විත වන අතර, අශ්ව බල 221ක සහ නිව්ටන් මීටර 295ක උපරිම බලයක් ලබා දෙයි.
මෙම හයිබ්‍රිඩ් පද්ධතිය මඟින් ලීටරයකට කිලෝමීටර 18.9ක කැපී පෙනෙන ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා දෙන අතර, ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පිරවූ පසු කිලෝමීටර 950කට වඩා වැඩි දුරක් ධාවනය කළ හැකිය. මේ හේතුවෙන් දෛනික ධාවනයේදී ඉන්ධන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබේ.
Hayleys Mobility හි ප්‍රධාන විධායක නිලධාරී රජීව් ප්‍රනාන්දු මහතා ද සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය, ''JAECOO J5 HEV රථය, එහි විශිෂ්ට හයිබ්‍රිඩ් ක්‍රියාකාරීත්වයට එහා ගිය, පාරිභෝගිකයාට පූර්ණ විශ්වාසයකින් යුතුව භාවිත කළ හැකි වාහනයක්. මේ සඳහා වසර 7ක පුළුල් වගකීමක් සහ බැටරිය සඳහා වසර 8ක වගකීමක් හිමිවන අතර, දිවයින පුරා විහිදුණු Hayleys Mobility සේවා ජාලයේ ශක්තිමත් අනුග්‍රහයද ලැබෙනවා.''
මෙම සුවිශේෂී සමාරම්භය සනිටුහන් කරමින් Hayleys Mobility වෙතින් විශේෂ හඳුන්වාදීමේ දීමනාවක් ද පිරිනැමේ. මෙහිදී මුල්ම පාරිභෝගිකයන් 100 දෙනා සඳහා රුපියල් මිලියනයක සුවිශේෂී වට්ටමක් හිමිවන අතර, අනාගතයට ගැළපෙන නව පරපුරේ හයිබ්‍රිඩ් වාහනයක හිමිකරුවෙකු වීමට බලාපොරොත්තු වන අයට මේ හරහා අගනා අවස්ථාවක් හිමිවනු ඇත.
Latest News
ඕමන්තේ මනුෂ්‍ය ඝාතනයක සැකකරුවන් 03ක් සහ සැකකාරියන් 2ක් පොලිස් දැලට
''මගේ දරුවා කවදාකවත් ප්‍රශංසාවට කැමති කෙනෙක් නෙමෙයි - හැංගිලා වැඩ කරපු කෙනෙක්''- සලේගේ මව කියන කතාව
අධ්‍යාපනවේදී උපාධිධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට
මෙම වසරේ මෙතෙක් ඩෙංගු රෝගීන් 37,000ක්: මර්දනය සඳහා තෙදින ජාතික වැඩසටහන කොළඹින් ඇරඹේ
පෞද්ගලික බස් ධාවනය සීමාවකින් තොරව ඉදිරියට
යතුරුපැදියක් පාරෙන් ඉවතට පෙරළී 19 හැවිරිදි තරුණයෙක් මරුට
Hayleys Mobility වෙතින් සුපිරි JAECOO J5 HEV Premium Hybrid SUV රථය මෙරටට
පිලිපීන භූකම්පනයෙන් මියගිය ගණන ඉහළට
දියණියට පහරදීම ඉවසාගත නොහැකි වූ පියා බෑණාට පොලෙන් ගසා ඝාතනය කරයි
සුරේෂ් සලේ සිද්ධිය: 'ෆ්‍රී ලෝයර්ස්' සංවිධානයෙන් රජයට සහ පොලිස්පතිට විශේෂ ඉල්ලීම් කිහිපයක්