ශ්‍රී ලංකාවේ ඖෂධ, Prescription Based Cosmeceutical හා සුවතා ක්ෂේත්රයේ වේගයෙන් වර්ධනය වනViyon Lanka (පුද්ගලික) සමාගම Business World Inteational Organization (BWIO) සංවිධානය කළBWIO 2026 සම්මාන උළෙලේදීBest Emerging Prescription Based Cosmeceutical Company of the Year සම්මානය දිනා ගනිමින් සුවිශේෂ ජයග්‍රහණයක් වාර්තා කළේය.
ගල්කිස්ස මහ හෝටලයේ පැවැති මෙම සම්මාන උළෙලේදී ව්‍යාපාර ක්ෂේත්රයේ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ කර්මාන්ත නායකත්වය ප්‍රදර්ශනය කළ ආයතන හා වෘත්තිකයන් ඇගැයීමට ලක් කෙරිණි.
මෙම සම්මානය Viyon Lanka සමාගම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත්Pharmaceutical, Prescription Based Cosmeceutical සහNutraceutical නිෂ්පාදන ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේදී පවත්වාගෙන යන ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ පාරිභෝගික විශ්වාසය පිළිබඳ කැපවීම වෙනුවෙන් හිමි වූ පිළිගැනීමකි.
බෙල්ජියමේBio Minerals, ස්විට්සර්ලන්තයේTecnoskin, ඉන්දියාවේNemus සහFixderma මෙන්ම ජර්මනියේCareActive වැනි ජාත්‍යන්තර ප්රමුඛ නිෂ්පාදකයන් සමඟ ඇති ශක්තිමත් හවුල්කාරිත්වය ඔස්සේ වෛද්‍යවරුන්, සෞඛ්‍ය වෘත්තිකයන් සහ පාරිභෝගිකයන් වෙත නවීන සෞඛ්‍ය, සම ආරක්ෂණ සහ සුවතා විසඳුම් රැසක් සාර්ථකව හඳුන්වා දීමට සමාගම සමත් වී ඇත.
Viyon Lanka සමූහයටViyon Lanka, Vivon Lanka Pharmaceuticals, Fixderma SL සහAvon Pharmaceuticals යන සමාගම් අයත් වන අතර, ජාත්‍යන්තරව පිළිගත් ඖෂධ හා Cosmeceutical නිෂ්පාදන ආනයනය, අලෙවිය, බෙදාහැරීම සහ ප්‍රවර්ධනය තුළින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට වැදගත් දායකත්වයක් ලබාදෙමින් සිටී.
විද්‍යාත්මකව සංවර්ධනය කළ සම ආරක්ෂණ, හිස කෙස් සත්කාර, පෝෂණ අතිරේක සහ චිකිත්සාමය සුවතා නිෂ්පාදන රැසක් පාරිභෝගිකයන්ට සපයන Viyon Lanka, ගුණාත්මකභාවය, ආරක්ෂාව, නවෝත්පාදනය සහ කාර්යක්ෂමතාව වෙනුවෙන් විශ්වාසය දිනාගත් ජාත්‍යන්තර සන්නාම රැසක් නියෝජනය කරයි.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් සමාගමේ විදේශ් අවන්ත හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, තම සේවකයන්ගේ කැපවීම, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සහයෝගය, බෙදාහැරීමේ ජාලයේ කාර්යක්ෂමතාව සහ පාරිභෝගිකයන්ගේ විශ්වාසය මෙම සම්මානයට මූලික ශක්තිය වූ බවයි.
Latest News
සියපත ෆිනෑන්ස් වාර්ෂික ශ්‍රී පාද පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කරයි
සිව් හැවිරිදි දැරියක් ත්‍රී රෝද රථයකින් රැගෙන ගොස් වත්තේගම ප්‍රදේශයේ මාර්ගයේ දමාගිය සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් 'පොඩ්ඩි' 17 දක්වා රිමාන්ඩ්
සංචාරක ඉපැයීම් පහතට
ජපානයට වාර්තාගත ලෙස අධික වැසි: ගතවූ පැය 24 තුළ මි.මී 360ක වැඩිම වර්ෂාපතනය චිබාවලට
නවසීලන්ත පොලිසිය රකේෂ් නායිඩූ සම්බන්ධයෙන් පැතිරවූ වැරදි තොරතුරු ගැන සමාව ඉල්ලයි
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වූ පනත් කෙටුම්පත 18 වනදා පාර්ලිමේන්තුවට
විවාහ උත්සවය අවසන් වී එද්දී වූ බිහිසුණු අනතුර - මනාලියගේ මල්ලී සහ මිත්තණිය අවසන් ගමන් යයි
ෆේස්බුක් ආයතනය AI මෙවලම් සහිත Creator Studio ස්වාධීන යෙදුම එළිදක්වයි
අධිකරණ තීන්දුවට පිටින් ගොස් කෙනඩි මධ්‍යස්ථානයට ට්‍රම්ප්ගේ නම එක් කිරීමට තීරණයක්