ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකය ශක්තිමත් කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස Ceylon Green Life Plantation (CGLP) සමාගම විසින් Ceylon ECO Resort ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කර තිබේ.
ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ අක්කර 90ක භූමි ප්‍රදේශයක ඉදි කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය සහ ජෛව විවිධත්ව සංරක්ෂණය එකම වේදිකාවකට ගෙන එන නව සංවර්ධන ආදර්ශයකි.
දැනට අක්කර 400කට අධික වගා භූමි ප්‍රමාණයක් පවත්වාගෙන යන Ceylon Green Life Plantation සමාගම, හරිතාගාර වගාව ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කරමින් නවීන කෘෂිකාර්මික තාක්ෂණය ගොවීන් වෙත හඳුන්වා දීමට කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කර තිබේ.
හරිතාගාර ඉදිකිරීම, තාක්ෂණික උපදේශන සේවා සැපයීම සහ ඉහළ අස්වැන්නක් ලබාදෙන වගා ක්‍රම ප්‍රවර්ධනය කිරීම තුළින් දේශීය කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් ඇති කිරීමට සමාගම සමත්ව ඇත.
මෙම නව ව්‍යාපෘතිය යටතේ කෘෂි විද්‍යා පීඨයක්, ජාත්‍යන්තර මට්ටමේ සංචාරක නිකේතනයක්, හරිතාගාර වගා කලාප, කුරුඳු, පොල් සහ අන්නාසි වගා ව්‍යාපෘති ඇතුළු තවත් කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මෙමගින් රැකියා අවස්ථා නිර්මාණය කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සමාගමේ අපේක්ෂාවයි.
සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර් මහතා සඳහන් කළේ තිරසාර කෘෂිකර්මාන්තය සහ නවෝත්පාදනය ඔස්සේ ජාතික ආර්ථිකයට දායක වන විශ්වාසදායක ව්‍යාපාරයක් ලෙස CGLP ඉදිරියටත් කටයුතු කරන බවයි.
ව්‍යාපෘතියේ මුල්ගල් තැබීම සහ රුක් රෝපණ වැඩසටහන සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා ඉරේෂා නිමන්තිකා වික්‍රමසිංහ මහත්මියගේ සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
Latest News
දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ
ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග
හීනටියන මහේෂ්ට රතු වරෙන්තු නිකුත් කිරීමට කටයුතු කරනවා : CCDය අධිකරණයට කියයි
මීගමු හිරගෙදර ගැටුම ආණ්ඩුව පෙරළන කුමන්ත්‍රණයක්දැයි සැකයි - මාලිමා මන්ත්‍රී සුරවීර
විමල් වීරවංශගේ නඩුවක් සැප්තැම්බර් 21 යළි කැඳවයි
කටාර් රාජ්‍යයේ හිටපු එමීර් ෂෙයික් හමාඩ්ගේ අභාවය වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි
දුම්කොළ තහනම ගැන වෛද්‍ය සංගමයෙන් ජනපතිට විශේෂ ලිපියක්
ExpoNavigator හරහා EDB, IFC සහ EU නැගෙනහිර පළාතේ අපනයන ව්‍යවසායන් ශක්තිමත් කරයි
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
ඩෙංගු වසංගතය හේතුවෙන් පෙරපාසල් සිසුන්ටත් අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර