ශ්‍රී ලංකාවේ ප්රමුඛ වෘත්තීය රූපලාවණ්‍ය අධ්‍යාපන ආයතනයක් වන Dreamron College of Art & Beauty, රූපලාවණ්‍ය කර්මාන්තය නවමු පරිවර්තනයකට ලක්කරමින්, යොවුන් පරපුර සවිබල ගන්වමින් සහ ජාතික ආර්ථික සංවර්ධනයට දායක වෙමින් පැමිණි අභිමානවත් ගමන් මඟේ 20 වැනි සංවත්සරය පසුගිය ජූලි 1 වැනිදා ඩ්‍රීම්රොන් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ප්‍රියංක පෙරේරා මහතා ප්රමුඛ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙම උත්සවයට සමගාමීව, දිවයිනේ සියලු පෙදෙස් නියෝජනය වන පරිදි සිසු සිසුවියන් විසි දෙනෙකුට පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීම ද සිදුවිය.
ආචාර්ය ප්‍රියංක පෙරේරා මහතාගේ සංකල්පයකට අනුව, මෙරට රූපලාවණ්‍ය කර්මාන්තය හා රූපලාවණ්‍ය අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ලාභ අරමුණ කර නොගත් ආයතනයක් ලෙස 2006 වසරේ ආරම්භ කරන ලද Dreamron College of Art & Beauty අද වන විට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් සහ වෘත්තීය පුහුණුවක් හරහා ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය කර්මාන්තය නව මානයකට රැගෙන යාමට සමත් වී ඇත.
මෙම විද්‍යාලය තුළින් මේ වන විට සිසු සිසුවියන් 20,000කට අධික පිරිසක් සාර්ථක ලෙස පුහුණුව ලබා ඇති අතර, ඔවුහු අද දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ කුසලතා පිරිපුන් වෘත්තීය රූපලාවණ්‍ය ශිල්පීන් ලෙස සේවය කරති. එමෙන්ම බොහෝ දෙනෙක් ව්‍යවසායකයන් සහ කර්මාන්ත නායකයන් ලෙස ද ඉදිරියට පැමිණ ඇත.
මෙම ආයතනය කේශාලංකරණය, නිය අලංකරණය සහ මනාලියන් හැඩගැන්වීම ඇතුළු විවිධ වෘත්තීය පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, වෘත්තීය පුහුණු වැඩසටහන් සහ රජය පිළිගත් NVQ Level 4 හා NVQ Level 5 සුදුසුකම් ලබාදෙයි.
මෙම පාඨමාලා අදාළ ජාතික වෘත්තීය හා අධ්‍යාපන ආයතනවල අනුමැතිය සහ මාර්ගෝපදේශනය යටතේ පවත්වාගෙන යනු ලබයි.
ගුණාත්මක අධ්‍යාපනය සඳහා දැඩි කැපවීමක් දක්වන ඩ්‍රීම්රොන් විද්‍යාලය නවීන පුහුණු පහසුකම්, උසස් උපකරණ, වායුසමීකරණය කළ පන්ති කාමර සහ ඉගෙනුම් කළමනාකරණ පද්ධති (LMS) මඟින් සහාය දක්වන නව්‍ය අධ්‍යාපන ක්‍රමවේද සඳහා නිරන්තරයෙන් ආයෝජනය කර ඇත.
අද වන විට ඩ්‍රීම්රොන් කලා හා රූපලාවණ්‍ය විද්‍යාලය ශ්‍රී ලංකාව පුරා ශාඛා 10ක් හරහා ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ට වෘත්තීය රූපලාවණ්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබාදෙයි.
එමෙන්ම බංග්ලාදේශය සහ මාලදිවයින වැනි රටවල සිසුන් සහ වෘත්තීයවේදීන් ආකර්ෂණය කරගනිමින් ජාත්‍යන්තර වශයෙන් ද සිය ව්‍යාප්තිය සිදුකර ඇත.
Latest News
ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්
ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්
හෝමූස් සමුද්‍ර සන්ධියේ 20%ක ගාස්තුව ඉවත් කිරීමට ට්‍රම්ප්ගෙන් පියවරක්
හැකරු අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි
කටාර් හිටපු එමීර්වරයාට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
මිලියන 450ක් වටිනා චීන සිගරට් තොගයක් රේගු දැලට
කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්