බදු ආදායමේ ශීඝ්‍ර වර්ධනය සහ ආර්ථිකයේ වර්ධනය අතර නොගැලපීමක් නිර්මාණය වී ඇති බවත්, ආර්ථිකයට වඩා වේගයෙන් බදු ආදායම වර්ධනය වන බවත් විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.
බදු ආදායම් වර්ධන වේගය සහ ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධන වේගය අතර අනුපාතය ලෙස ගණනය කෙරෙන බදු ප්‍රත්‍යස්ථතා අනුපාතය දිගින් දිගටම පරතරය වැඩි වීම හේතුවෙන්, මෙම ප්‍රවණතාවය ක්‍රමයෙන් ආර්ථික මන්දගාමීත්වයකට මගපාදනු හැකි බවයි ආර්ථික විද්‍යාඥයෝ පවසන්නේ.
ඉහළ බදු ප්‍රත්‍යස්ථතා අනුපාතයක් මගින් අදහස් වන්නේ රටක තාත්වික ආර්ථික ක්‍රියාකාරකම්වල වර්ධනයට වඩා වේගවත් දර්ශකයකින් බදු ආදායම වර්ධනය වන බවයි.
2026 පළමු කාර්තුව තුළ ශ්‍රී ලංකාවේ බදු ආදායම් එකතු කිරීම ඉහළ ගොස් ඇති අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තු දත්තවලට අනුව එකතු කර ඇති බදු මුදල රුපියල් බිලියන 606ක් ලෙස සටහන් වෙනවා.
මෙය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයට වඩා 17.7% ක වර්ධනයක් බව සඳහන්.
මෙලෙස බදු ආදායම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වාහන ආනයනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීම සඳහා හඳුන්වා දුන් අනෙකුත් බදු වැඩි කිරීම් ය.
ලෝක බැංකුව, මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පදනම් කරගෙන සකස් කරන ලද වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ බදු ප්‍රත්‍යස්ථතා අනුපාතය ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්ට වඩා අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.
රජය විසින් බදු ආදායම තවදුරටත් ඉහළ නැංවීම සඳහා වන යෝජනා දැනටමත් ඉදිරිපත් කර ඇති බැවින්, 2026 වසර තුළ සහ ඉන් පසුවද මෙම අනුපාතය ඉහළ මට්ටමක පවතිනු ඇති බව විශ්ලේෂකයෝ සටහන් කරන්නේ.
ආර්ථික විද්‍යාඥයින්ට අනුව, දීර්ඝ කාලයක් පුරා පැවැත්වෙන ඉහළ බදු ප්‍රත්‍යස්ථතා අනුපාතය හේතුවෙන් අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වී, ව්‍යාපාර වැසී යාම සහ රැකියා වියුක්තිය ඉහළ යාම සිදුවිය හැකියි.
විශේෂයෙන්ම ඉදිකිරීම් සහ සිල්ලර වෙළඳ ක්ෂේත්රවල සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවට හෝ වැසී යන බවට වන පූර්ව ලක්ෂණ මතුවෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙන්නේ.
එමෙන්ම, මින් සිදුවන බලපෑමෙන් වැඩි පංගුවක් අඩු ආදායම්ලාභී පවුල්වලට දැරීමට සිදුවනු ඇති බවත්, එමගින් දිළිඳුකම ඉහළ යාමේ අවදානමක් පවතින බවත් විශ්ලේෂකයෝ පවසන්නේ.
රන් උකස් ණය සහ අක්‍රිය ණය ඉහළ යාම, ගෘහස්ථයන් සහ ව්‍යාපාර මුහුණ දෙන මූල්‍ය පීඩනය පිළිබඳ මුල් කාලීන දර්ශක විය හැකි බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ලෝක බැංකු සමීක්ෂණයකට අනුව ද පෙනී ගොස් ඇත්තේ 2024 වසරේදී හඳුන්වා දුන් වක්‍ර බදු සංශෝධන හේතුවෙන් රටේ දිළිඳුකමේ අනුපාතය 2.2% කින් ඉහළ ගොස් ඇති බවයි.

Latest News
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයට සැකපිට දෙදෙනෙක් නවගමුවේදී අත්අඩංගුවට
Local
25 July 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරු ජීවිතක්ෂයට
Local
25 July 2026
ජනපති මන්දිර පරිශ්‍රවල නතර වුණේ ආරක්ෂක හා මාධ්‍ය ඇතුළු නිලධාරීන් පමණයි – ජනාධිපති මාධ්‍ය අංශය කියයි
Local
25 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමකින් අයෙක් රෝහලට
Local
25 July 2026
දෙමළ දේශපාලන පක්ෂ හයක් ජනපති හමුවීමට ඉල්ලයි
Local
25 July 2026
අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු ඉන්දියාවේ සිසු විරෝධතා අවසන්
Local
25 July 2026
රට වටේම ජනපති මන්දිරවල නඩත්තු බිල කෝටි 3.5 පනී! : ගිය වසරේ පුද්ගලයන් 3,089කටත් නවාතැන් දීලා
Local
25 July 2026
80 වැනි බ්‍රැඩ්බි පළිහ නැවතත් ත්‍රිත්ව විද්‍යාලයට
Local
25 July 2026
දූෂණ විරෝධී විධිවිධාන උල්ලංඝනය කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ගිවිසුම අහෝසි කෙරේ
Local
25 July 2026