ශ්‍රී ලංකාවේ බටහිර සම්භාව්‍ය සංගීත ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ ගුස්ටාව් මාලර් වාද්‍ය වෘන්දය (Gustav Mahler Orchestra of Colombo - GMOC) මෙවර සිය අටවැනි සංවත්සරය අභිමානයෙන් සමරයි.
පසුගිය වසර අටක කාලය තුළ කලාත්මක විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ සංස්කෘතික හුවමාරුව තුළින් ශ්‍රී ලංකාවේ වාද්‍ය වෘන්ද සංගීතය ජාත්‍යන්තර මට්ටමකට ඔසවා තැබීම සඳහා GMOC ඉටු කළ මෙහෙවර සුවිශේෂී වේ.
2018 වසරේගුස්ටාව් මාලර් සංගමයේ (Gustav Mahler Society of Colombo - GMSC) අනුග්‍රහයෙන් ආරම්භ වූ මෙම වාද්‍ය වෘන්දය, ලෝක ප්‍රකට සම්භාව්‍ය සංගීත නිර්මාණ ඉහළම ප්‍රමිතියෙන් ශ්‍රී ලාංකේය වේදිකාවට ගෙන ඒමත්, දේශීය සංගීත ක්ෂේත්රයේ සංවර්ධනයට දායක වීමත් අරමුණු කරගනිමින් බිහි විය. අද වන විට එම දැක්ම සාර්ථකව යථාර්ථයක් බවට පත්ව තිබේ.
ආරම්භයේදී ජාතික මට්ටමේ වාද්‍ය වෘන්දයක් ලෙස ක්‍රියාත්මක වූ GMOC, අද වන විට ශ්‍රී ලංකාව ඇතුළු ලොව විවිධ රටවල දක්ෂ සංගීතඥයන් එක්වන ජාත්‍යන්තර වාද්‍ය වෘන්දයක් බවට පත්ව ඇත. විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණෙන කලාකරුවන්ගේ මෙම එකමුතුව ජාත්‍යන්තර මිත්‍රත්වය, සංස්කෘතික හුවමාරුව සහ සංගීතමය විශිෂ්ටත්වය නියෝජනය කරයි.
ලෝක පූජිත සංගීතවේදීගුස්ටාව් මාලර්ගේ අතිවිශිෂ්ට සංධ්වනි (Symphony) නිර්මාණ ශ්‍රී ලංකාවේ සහ කලාපීය මට්ටමින් ප්‍රථම වරට ඉදිරිපත් කරමින්, GMOC දකුණු ආසියාවේ මාලර් සංගීතය ප්‍රචලිත කිරීමේ ප්රමුඛ බලවේගයක් බවට පත්ව තිබේ.
එමෙන්ම, ශ්‍රී ලාංකේය සංගීත රචකයන්ගේ නිර්මාණ ප්‍රවර්ධනය කිරීම සඳහා නව කෘති ඇණවුම් කිරීම, ප්‍රථම වරට ප්‍රදර්ශනය කිරීම සහ ජාත්‍යන්තර සම්භාව්‍ය සංගීත වේදිකාවට දේශීය අනන්‍යතාව රැගෙන යාම සඳහා ද GMOC අඛණ්ඩව කැපවී සිටී.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රසංග සංචාරයක් සාර්ථකව නිම කළ ප්‍රථම සහ එකම වාද්‍ය වෘන්දය වීම ද GMOC සතු තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.
මෙම සාර්ථක ගමනේ ප්‍රධාන නියමුවා වන්නේ GMOC හි ප්‍රධාන සංගීත අධ්‍යක්ෂක සහ ප්‍රධාන මෙහෙයවන්නා වනශ්රීමාල් වීරසිංහ මහතාය. ඔහුගේ දූරදර්ශී නායකත්වය, කලාත්මක දැක්ම සහ විශිෂ්ටත්වය වෙනුවෙන් වූ කැපවීම හේතුවෙන් මෙම වාද්‍ය වෘන්දය ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවයට පාත්‍ර වූ සංස්කෘතික ආයතනයක් බවට පත්ව ඇත.
“කොළඹ ගුස්ටාව් මාලර් වාද්‍ය වෘන්දය සිය අටවැනි සංවත්සරය සමරන්නේ අතීත ජයග්‍රහණ පිළිබඳ අභිමානයෙන් මෙන්ම අනාගතය පිළිබඳ දැඩි විශ්වාසයකින් සහ සුබවාදී බලාපොරොත්තු සමඟයි,” යනුවෙන් සංගමයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
Latest News
''නිසි ලෙස නොහැසිරුණොත් ඉරානයට බෝම්බ හෙළනවා'' - ට්‍රම්ප්
තෙල්දෙණිය රෝහල ආසන්නයේ රථගාලක මෝටර් රථයක් තුල තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ
52 වැනි ජී-7 සමුළුව අතරතුර මෝදි - ට්‍රම්ප් හමුවක්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අත්අඩංගුවට ගැනීමේ තීරණයක් නෑ: පෙත්සම් විභාගය අවසන්!
''ආශු අපේ කෙනෙක් නෙමෙයි'' - එක්සත් ජාතික පක්ෂය
යෝෂිතට ඇප - රට ගමන් තහනම්
ගෝඨාභයගේ පෙත්සම කරුණු තහවුරු කිරීමට හෙට යළි කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
යෝෂිත අධිකරණයට රැගෙන එයි
උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට හෙට ස්ථිර පත්වීම්
ඩොලර් මිලියන 808ක ගෙවුම් ශේෂ විෂමතාව සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකයෙන් අනතුරු ඇඟවීම්