වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන් භාවිත කරන ස්මාර්ට් දුරකථන සහ අනෙකුත් ස්මාර්ට් උපාංග හරහා නිරුවත් හෝ අසභ්‍ය දර්ශන නැරඹීම, ඡායාරූප ගැනීම සහ ඒවා හුවමාරු කර ගැනීම අවහිර කරන ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් ඇපල් (Apple) සහ ගූගල් (Google) වැනි ප්රමුඛ පෙළේ තාක්ෂණික සමාගම්වලින් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ලන්ඩන් තාක්ෂණික සතිය (London Tech Week) අමතමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ස්ටාමර්, තාක්ෂණික සමාගම් වෙත දන්වා සිටියේ, ළමයින් ලිංගිකමය වශයෙන් පැහැදිලි දර්ශන නැරඹීම හෝ යැවීම වැළැක්වීම සඳහා උපාංගවල දැනටමත් පවතින ආරක්ෂිත විශේෂාංග සක්‍රිය කරන ලෙස හෝ ඒ සඳහා නව මෘදුකාංග යාවත්කාලීන කිරීම් (Software Updates) හඳුන්වා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.
"මෙය කළ නොහැකි අභියෝගයක් නෙවෙයි. මේවා ලෝකයේ තිබෙන වඩාත්ම නව්‍යකරණයෙන් පිරිච්ච සමාගම්. මම විශ්වාස කරනවා ඔවුන්ට මේ ගැටලුව විසඳන්න පුළුවන් කියලා," යැයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
තාක්ෂණික සමාගම් ඉදිරි මාස තුන ඇතුළත ස්වේච්ඡාවෙන් මෙම පියවර ගැනීමට අපොහොසත් වුවහොත්, ඒ සඳහා ඔවුන්ට බල කෙරෙන නව නීති පැනවීමට රජය කටයුතු කරන බව ද බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර තිබෙනවා.
නීතියට අනුගත නොවන සමාගම්වලට එරෙහිව විශාල මූල්‍ය දඩ පැනවීමට හෝ අවසාන පියවරක් ලෙස සාපරාධී වගකීම් (Criminal Liability) යටතේ නීතිමය පියවර ගැනීමට ද එමඟින් ප්‍රතිපාදන සැලසෙන බවයි එම වාර්තාවේ සඳහන්.
අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, මෙම වෙනස්කම් බ්‍රිතාන්‍යය තුළ දැනට භාවිත වන මෙන්ම අලුතින් අලෙවි කරනු ලබන සියලුම ස්මාර්ට් දුරකථන සහ ටැබ්ලට් (Tablets) උපාංග සඳහා අදාළ වන බවයි.
මූලාශ්‍රය - බීබිසී

Latest News
සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුව අද
Local
09 June 2026
සලේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි රෝහලට ගිය බිරිඳ කියයි
Local
09 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
Local
09 June 2026
බාල වයස්කරුවන්ගේ උපාංගවලින් නිරුවත් දර්ශන තහනම් කරන්න: බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ඇපල් සහ ගූගල් වෙත ඉල්ලීමක්
Local
09 June 2026
සවුත්හැම්ප්ටන් වරායේ ප්‍රබල ගින්නක්: ඩොලර් මිලියනයකට වඩා වටිනා හයිබ්‍රිඩ් මෝටර් රථ රැසක් විනාශයි
Local
09 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට විටින් විට වැසි සහ තද සුළං
Local
09 June 2026
ට්‍රම්ප් පැනවූ ඩොලර් ලක්ෂයේ H-1B වීසා ගාස්තුව අමෙරිකානු අධිකරණයකින් අවලංගු කරයි
Local
09 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයත් වර්ෂාව නිසා අත්හැර දමයි : පළමු තරගය ජයගත් ශ්‍රී ලංකාවට 1-0 ක තරගාවලි ජයක්
Local
09 June 2026
ශ්‍රී ලංකා - කොදෙව් තෙවැනි එක්දින තරගයේත් කාසියේ වාසිය ප්‍රමාදයි
Local
09 June 2026
මෝල්ටාව අසලදී සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් පෙරළෙයි: 10 දෙනෙකු ජීවිතක්ෂයට
Local
09 June 2026