Sports29 April 2026

06 වන ආසියානු වෙරළ ක්‍රීඩා: කාන්තා මල්ලවපොර ඉසව්වේ රන් පදක්කම නිපුනි වාසනා දිනාගනී

චීනයේ සන්‍යා නුවර පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ දී කාන්තා වෙරළ මල්ලවපොර ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට නිපුනි වාසනා සමත් වූ බව ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනය කර තිබෙනවා.

ඒ, කිලෝග්‍රෑම් 50 බර පන්තිය යටතේයි.

ඇය අවසාන වටයේදී වියට්නාම ක්‍රීඩිකාව 3ට 1ක් ලෙස පරාජයට පත් කරමිනුයි රන් පදක්කම දිනා ගනු ලැබුවේ.
Related Recomands
Hiru TV News | Programmes