Sports04 May 2026

ක්‍රිකට් පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු පත්වීම් ලබා ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යංශය විසින් පත් කරනු ලැබූ පරිවර්තන කමිටුවේ තවත් සාමාජිකයින් කිහිපදෙනෙකු අද (04) දිනයේදී පත්වීම් ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව තුශිර රදැල්ල, සිදත් වෙත්තමුනි, ප්‍රකාශ් ෂාෆ්ටර් සහ අවන්ති කොළඹගේට පත් වීම් ලිපි ලබා දුන් බවයි ක්‍රිඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

මීට පෙර ද අදාළ කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකුට පත්වීම් ලිපි භාර දී තිබුණා.

කෙසේ වෙතත්, පරිවර්තන කමිටුවට ඇතුළත් කුමාර් සංගක්කාරට හා රොෂාන් මහානාමට තවමත් පත් වීම් ලිපි ලබා දී නැහැ.
Related Recomands
Hiru TV News | Programmes